Category Local News

රට­පුරා තැනින් තැන අදත් වැසි

බස්නා­හිර සහ සබ­ර­ග­මුව පළා­ත්ව­ලත් මහ­නු­වර නුව­ර­එ­ළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රි­ක­ව­ලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට මිලි­මී­ටර් 50ක පමණ තර­මක තද වැසි ඇති­විය හැකි බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව අද (21) නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කරයි. වයඹ පළා­තෙත් මාතලේ…

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි පියවර ගෙන…

ජ’පුර සරසවිය යළි විවෘත කෙරේ

ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය දැනුම්දෙයි. ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටි සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බව ඔවුන් පවසයි. සිසුන් දෙපිරිසක්…

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ අදාළ කඩඉම් ලකුණු www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි ඒ…

කුවේට් හි නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීමට අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක මහතා පත් කිරීමට අනුමැතිය ලබා දීමටයි තීරණය කර ඇත්තේ කථානායක මහින්ද යාපා…

මැතිවරණ පැමිණිලි 5200 ඉක්මවයි

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5214 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 5071ක් වන බව සඳහන්. ඊයේ (19) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 267ක් ලැබී තිබෙනවා.

රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම

රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‍තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) විධායක මණ්ඩලය සමඟ අද (20) ජනාධිපති…

හෙට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරේ -ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී (21) දුම්රිය සුපුරුදු පරිදි ධාවන කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කළ විමසුමේ දී ඒ අනුව, හෙට (21) දිනයේ දී සුපුරුදු ලෙස…

ප්‍රචණ්ඩ ක්‍රියා වෙන්නේ නෑ -අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න

ජනපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසිය, කැරළි මර්ධන පොලීසිය හා ජංගම පොලිස් මුර සංචාර සිදුවන නිසා කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීමට ඉඩ නොදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න මහතා පවසනවා. ඒ නිසා මීට පෙරාතුව සිට යම් යම් අය…

බැසිල් දිවයිනෙන් පිටවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.