Category Local News

කෝටි තුනක් වටිනා විදේශිය විස්කි තොගයක් කටුනායක දී හසුවෙයි

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි , එනසාල් , දුරකථන , ඇදුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ  ව්‍යාපාරිකයන් සදහා වෙන් වූ රක්ත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන්…

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය. 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත්…

ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුත්තේ මෙයයි

සැප්තැම්බර් 14 දින වන විට යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. මැතිවරණය පැවැත්වෙන…

බන්ධනාගාර රැඳවියන්ට හෙට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා හෙට (12) දින විශේෂ විවෘත අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙයි ඒ හෙටට යෙදී තිබෙන සිරකරු දිනය හේතුවෙනි. ඒ අනුව හෙට (12) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය,…

කෙහෙළියට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිව තිබෙනවා. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුන්ට ඇප නියම වී ඇති බව සඳහන්. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්…

රටින් පැනීමට වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නෑ -ඇමති ටිරාන් අලස්

ජනාධිපතිවරණයෙන් පසු විදෙස් ගත වීම සඳහා වීසා ලබා ගැනීමේ කිසිඳු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත්වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවයි ආමාත්‍යවරයා සඳහන් කර…

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්න කරන ජනපති

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක් ද කියා තමා විමසූ විට ඊට පිළිතුරු නොදෙන අනුර දිසානායක තමාට විවාදයකට ඇරයුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තමන් සමඟ විවාදයට පෙර අනුර, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම එක්ව වෙනම විවාදයක්…

ගීතාගේ අමාත්‍ය ධුරය සීතාට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබෙනවා. ඒ මහත්මිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

එදා මගේ පවුලට එරෙහිව කළ විමර්ශනවලට සිනහා යනවා -නාමල් රාජපක්ෂ

අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා සහ තම පවුලේ සාමජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යහපාලන ආණ්ඩුව වියදම් කළේ ද මේ රටේ මහජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.…

ඡන්ද දැන්වීම් පත්‍රිකා කෝටියක් බෙදා අවසන් -නියෝජ්‍ය තැපැල්පති-

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා කෝටියක් ඊයේ (10) දා වන විට බෙදා අවසන් කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා පවසනවා.