Category Local News

ඡන්දය ගණන් කිරීමේදී සිදුවූ අකටයුත්තක් සම්බන්ධයෙන් අපි නීතිය හමුවට යනවා – සුජීව සේණසිංහ

ඡන්දය ගණන් කිරීමේදී සිදුවූ අකටයුත්තක් සම්බන්ධයෙන් නීතිය හමුවට යන බව සමගි ජන බලවේගයේ සුජීව සේණසිංහ පවසනවා. ඒ අනුව නියෝජිතයින් නොමැතිව දෙවන මනාප ගණන් කිරීමට කටයුතු කර ඇති බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු චෝදනා කළේ. පළමු වටයේ ප්‍රතිඵල…

ලක්ෂ්මන් යාපා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු…

09 වැනි විධායක ජනපති අනුර දිව්රුම් දීම හෙට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් හෙට(23) දිව්රුම් දීමට නියමිතය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට(23) පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදු කරන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක…

නව ජනපති අනුරට රට භාරදී නික්ම ගිය ජනපති

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා මනාපයෙන් තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි යනුවෙනුයි.…

මෙරට 09වැනි ජනාධිපති අනුර කුමාර දිසානායක

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජය තහවුරු කර ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු හෙට දිනයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි

දෙවන මනාපය ගණන් කිරීම සඳහා උපදෙස් නිකුත් කරයි

දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ වන විට තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා. කිසිඳු අපේක්ෂකයෙක් 50% ඉක්මවා යාමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව දෙවන මනාප ගණන් කිරීමේ කටයුතු තව සුළු මොහොතකින්…

ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි දිවි රඟ මඩලින් සමු ගනී

ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙක්, ගීත රචකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ඩබ්ලිව්. ජයසිරි මහතා දිවිසැරිය නිමකරයි. මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය. ඔහු කලක් සිංහල සංස්කෘතික ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

අද උදෑසන 6.00න් අවසන් වීමට තිබූ ඇඳිරි නීතිය මධ්‍යහ්න 12.00දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊයේ රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය වන ලෙස  ඇඳිරි නීතිය පනවා තිබුණා.