Category Local News

පළාත් රැසකට විටින් විට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.…

ගිය අවුරුද්දේ විදෙස් ශ්‍රමිකයකන් එවූ ඩොලර් ප්‍රමාණය මිලියන 6500 ඉක්මවයි

2024 දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2024 වර්ෂය සඳහා වන සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4ක් බව සඳහන් වේ. මෙම අගය 2023 වසරට…

ජනපති අනුර, ලබන සතියේ චීන ජනපති හා අගමැති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14වැනිදා සිට 17වැනිදා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක මහතා ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක්…

ඉන්දීය ආරක්‍ෂක උපදේශක හා ශ්‍රී ලංකා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති අතර හමුවක්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් මහතා සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි මහතා අතර හමුවක් පැවැත්විණි. ඒ ඊයේ (10) කොළඹ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ය.…

ඔට්ටුසුඩාන් උළු කර්මාන්ත ශාලාව වැඩ අරඹයි

උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දින 30 ක් ඇතුළත නැවත ආරම්භ කරන බව ලංකා පිගන් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ඩිල්ෂාන් වීරසිංහ මහතා පවසයි. කර්මාන්ත…

රෑටත් විවෘතවන පුරාවිද්‍යාත්මක ස්ථාන

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ. බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගෙන ඇති…

2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්

2024 වසරේ බස් අනතුරුවලින් මගීන් සහ පදිකයන් 198ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත. ඒ වසරේදී මගී ප්‍රවාහන බස් අනතුරු සංඛ්‍යාව 2005කි. ඉන් ලංගම බස් අනතුරු සංඛ්‍යාව 515ක් වන අතර, පෞද්ගලික බස් අනතුරු සංඛ්‍යාව 1490කි.…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන  බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු…

පාර්ලිමේන්තුව කැලණියේ මහා ශිෂ්‍ය සංගමය නොවෙයි-මන්ත්‍රී දිලිත් ජයවීර

ජනතාවගේ සිහින මරා දැමීම හැර එම සිහිනවලට පණදීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බව සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයක් ඇතුළු නියමයන් හා නියෝග කිහිපයක් සම්බන්ධයෙන් පැවති…