Category Local News

ඡන්දයක් තිබ්බොත් පරදින බව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙනවා – නලින්ද ජයතිස්ස

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වන බව ඔවුන් ප්‍රසිද්ධියේ පිළි අරගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. වසර 2කින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය යුතු බවට එම…

පැල්මඩුල්ලේ බස් අනතුරක් – 27 ක් රෝහලේ – 07 දෙනෙකුට බරපතළයි

කොළඹ ඇඹිලිපිටිය සහ  බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය  පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන්  පුද්ගලික බසය  මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන්   හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙයි. අද උදෑසන 6.15 ට පමණ මෙම…

මැතිවරණ නොපැවැත්විය යුතු බවට පවසනවා නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් නැති මෝඩයෙක් – සාගර

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය මේ අවස්ථාවේ නොපැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව මැතිවරණ නොපැවැත්විය යුතු බවට පවසනවා නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක්…

ගාසාහි ළමා අරමුදලට දැනට කෝටි 12.7ක්

– ආධාර භාර ගැනීම මැයි 31දා තෙක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයෙන් මාර්තු මස 4 වැනිදා ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් සහ විවිධ ආයතනවලින් මේ වන විට රුපියල් මිලියන 127ක (කෝටි 12.7ක) මුදලක් පරිත්‍යාග කර…

ජා-ඇළ බැංකු කොල්ලය – සොරාගත් රන් භාණ්ඩ සොයා ගනී

ජා-ඇළ කණුවන සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පු කපා රුපියල් කෝටි 02කට ආසන්න පවුම් 292.3ක් බරැති රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදල් සොරාගත් පුද්ගලයා පැය 48ක් යෑමට මත්තෙන් කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසලදී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 11,200ක් සමඟ අත්අඩංගුවට…

ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයෝජන කැඳවා ගැනීම මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයෙනවා – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන

ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේය. “Starlink” වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වීම…

බස්නාහිර මෙන් උසස් සෞඛ්‍ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ද දියුණු කරනවා

උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් 2017 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස ආරම්භ කළ ව්‍යාපෘති ජනාධිපතිවරයා ලෙස අද ජනතා අයිතියට පත් කර දීමට හැකි වීම පිළිබඳ සතුටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එහිදී උතුරු පළාතට නවීන රෝහල් සහිත…

“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඉඩම් ඔප්පු 5400ක්

“උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් (26) පෙරවරුවේ වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය. “උරුමය”…

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු එම ස්ථානයට පැමිණ එම පක්ෂයට විරුද්ධව පොල් ගැසීමට කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 

වදුරව දුම්රිය මාර්ගයේ පුද්ගල මළ සිරුරක්

පාදයක් වෙන්වී බරපතළ ලෙස තුවාල සිදු වූ පුද්ගල මළ සිරුරක් වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන අතර වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී  අද (28) පෙරවරුවේ  සොයා ගත් අතර මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ තරමක් ප්‍රමාදයක් සිදු වූ බවද …