Category Local News

ස්වාධීන ආයතනයක් මැදිහත්වන ඕනෑම විවාදයකට අපේ ආර්ථික කමිටුවත් නායක තුමාත් එනවා – නලින් බණ්ඩා​ර

ස්වාධීන ස්ථානයක ස්වාධීන පිරිසක් සම​ඟ විවාද කිරීමට තම ආර්ථික කමිටුව සහ පක්ෂ නායකත්වය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. සුදර්මන් රදළියගොඩ යනු යකඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සහ ප්‍රවෘත්ති නිවේදිකාවකට සිදුවූ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ…

දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගුවේ – අද පස්වරුවේ සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ !

අද (07) දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙයි. ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු වී ඇත. දෙවන පෙළ…

ලංකාවේදී ප්‍රථම උපාධිය අවු. 21දී, පශ්චාත් උපාධිය 23දී ආචාර්ය උපාධිය 27දී සම්පූර්ණ කළ හැකි නව ක්‍රමයක් අධ්‍යාපන ඇමැති

නවීන ලෝකයට විවෘත වන පරිදි අවුරුදු 21 දී ප්‍රථම උපාධියත්,අවුරුදු 23දී පශ්චාත් උපාධියත්, අවුරුදු 27දී ආචාර්ය උපාධියත් සම්පූර්ණ කළ හැකි වන පරිදි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමක් වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් සිදු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…

ඩෙංගු හිස ඔසවයි – ගෙවුණු පස් මාසයට රෝගීන් 25,000 ක්

ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය…

වතු කම්කරුවන් කිරිබත් කා සතුට සමරයි

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට රජය මගින් නිකුත් කල ගැසට් පත්‍රය බල රහිත කරන ලෙස වතු සමාගම් විසින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබු අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරිමට සතුට පල කරමින් වතු කම්කරුවන් පිරිසක් එක්ව…

Seed Tray පැරෂුට් තැටි ගොවි ජනතාවට සහනාධාරයක් යටතේ

2024 මහ කන්නයේ දී ගොවීන් 4000කට රුපියල් ලක්ෂ 40ක් වටිනා Seed Tray පැරෂුට් තැටි 75% සහනාධාර පදනම යටතේ ලබා දීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. මේ සඳහා අවශ්‍ය මුල්‍ය…

මහින්දානන්ද සමඟ ඇති වූ ගැටුමකින් පසු ගුණතිලක රාජපක්ෂ රෝහල්ගත කෙරේ

ඊයේ (03) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇති අතර එහිදී ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා. පසු​ව රැස්වීමෙන් අනතුරුව ඔවුන්…

ඔන්ලයින් ක්‍රිප්ටෝ මුදල් Cryptocurrency ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කමක් – මහ බැංකු අධිපති

ඇතැම් වෙළඳපලවල Cryptocurrency වත්කම් පන්තියක් ලෙස හඳුනාගෙන තිබුණද, එය ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කමක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එබැවින් ප්‍රශ්නය වන්නේ නිසි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැති, ඉතා අස්ථායී සහ අවදානම් සහිත වත්කම්වල ආයෝජනය කිරීමට මහජනතාවට…

දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත…

තද වැසි තත්ත්වයේ අඩුවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු…