Category Local News

ජනපතිගෙන් ගෝඨාට රනිල්ට හේමාට ස්තුතියක්

අශිෂ්ටත්වයේ සිට ශිෂ්ටත්වය කරා මේ රට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (01) ගල්ගමුවේ පැවති සුහද හමුවට සහභාගි වෙමිනි. “ගිය අවුරුද්දෙ එක ජනාධිපතිවරයෙකුගෙ ආරක්ෂක වියදම දස ලක්ෂ 700යි. ආසන්න වශයෙන් ගත්තොත් මාසික…

අවසානය තෙක් ප්‍රතිපත්තිගරුක වූ මාවෙයි!

යාප‍නයේ මහජන මන්ත්‍රී හා දෙමළ අරිසුකච්චි දේශපාලන පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තියක් පළ කරන ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පත ඒ මහතා හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගේ නිදහස, උරුමය හා අයිතිවාසිකම් වෙනුවෙන් දශක හයක් තිස්සේ…

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්.රණතුංග මහතා ඉල්ලා අස් වී ඇත. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතාට ලිපියක් යොමු කරමින් පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දන්වා තිබේ. රණතුංග මහතා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු ද වේ.

නොමිලේ බෙදන්න දුන් සහල්-රටඉඳි-පරිප්පු කිලෝ ලක්ෂ 15ක් ගබඩාවක දිරලා–2023 ලෝක ආහාර වැඩසටහනේ ප්‍රදානයක්

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීමට 2023 වර්ෂයේ දී මෙරටට ලැබුණු සහල්, රටඉඳි සහ පරිප්පු කිලෝ ලක්ෂ 15ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා ගබඩාවේ දිරාපත් වෙමින් පවතින බව අනාවරණය වේ. මෙම සිද්ධිය පිළිබඳ හෙළිවීමෙන් පසුව ජාතික ඒකාබද්ධතා…

රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිගේ පාලි ව්‍යාකරණ ග්‍රන්ථය “නාමාමාලා” මල්වතු හා අස්ගිරි කාරක මහා සංඝ සභාවලට

රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද විවේචනාත්මක පාලි ව්‍යාකරණ ග්‍රන්ථය “නාමාමාලා” කෘතිය සියම් නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල කාරක මහා සංඝ සභාවලට පසුගියදා පිරිනමා තිබේ. කාරක සංඝ සභා රැස්වූ පසු මහානායක හිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය සහිතව නාමාමාලා…

උතුරෙන් ලැබුණු සෙනෙහස…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ පැවති ජන රැලියට සහභාගී වූ අවස්ථාවේදී එම රැලියට සම්බන්ධ වූ වැඩිහිටි දමිළ කාන්තාවක් ජනපතිවරයා බදා වැලඳගෙන සිය සෙනෙහස පුද කළ අයුරු.

උතුරේ ඉඩම් ජනතාවට කඩිනමින් ලබාදීමට පියවර ගන්නවා-යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ජනපති කියයි

යාපනය ජනාධිපති මන්දිරය වඩාත් වැදගත් ව්‍යාපෘතියකට පොලීසියේ පුරප්පාඩුවලට දෙමළ තරුණයන්ට අවස්ථාව උතුරට නව කර්මාන්ත කලාප තුනක් ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර…

පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් අපේ රටේ හැදුණේ පළමු වතාවටයි-යාපනය වැල්වැටිතුරේදී ජනපති කියයි

බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතුයි කියන ජනතා කැමැත්ත කඩ කරන්නේ නෑ මෙරට දේශපාලනඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර…

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක්, ඉන්දියාවේ අයවැයෙන්

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව…

ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී

මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.