Category Local News

හැත්තෑ හත්වැනි නිදහස් දිනය අදයි-නිදහස් උලෙළේ මහජන සහභාගිත්වයට වැඩි ඉඩක් වියදම මිලියන 113කින් අඩුයි

ශ්‍රී ලාංකේය ජාතිය අධිරාජ්‍යවාදීන්ගෙන් මිදුණු අභිමානවත් නිදහසේ හැත්තෑ හත් වැනි සංවත්සරය අදට (04) යෙදී තිබේ. “ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දිනය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක…

තාඹුගලගේ පියුමිගේ බදු නඩු: ප්‍රගති වාර්තා ජූනි 31 අධිකරණයට

අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනාට අදාළව සිදු කරනු ලබන බදු බැඳියාව සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වර්තාවක් ලබන ජූනි මස 31 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත…

නව ආණ්ඩුවේ වැඩපිළිවෙළින් සංචාරක ක්ෂේත්‍රය සෑහීමකට පත් විය හැකි ප්‍රගතියක් අත්කරගෙන-ජනාධිපති ලේකම් හමුවේ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ කියති

නව රජයේ වැඩපිළිවෙළ නිසා සංචාරක ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ තමන් සෑහීමකට පත්වන බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ ප්‍රකාශ කරති. ඔවුන් එසේ ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පසුගියදා (30) ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය. ඉදිරියේදී…

රාජ්‍ය සේවක වැටුප් නංවන්න බිලියන 90ක්-ඇමැති ආනන්ද විජේපාල කියයි

එළඹෙන දාහත්වැනිදා ඉදිරිපත් කරන අය-වැය ලේඛනයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි. රජයේ සේවකයන් දහතුන් ලක්ෂයකට මේ තුළින් සහන සැලසෙන…

රටක් ඉදිරියට යෑමට නම් ජනතාව වගේම දේශපාලකයාත් නීතියට බිය විය යුතුයි-කුරුණෑගල, ගල්ගමුව ජනහමුවලදී ජනපති කියයි

රටේ සාමය ආරක්ෂා වුණොත් මන්ත්‍රීවරුත් නිකම්ම රැකෙනවා:  පොලිස් නිලධාරීන් ඇමැතිට සැලියුට් ගැසුවොත් උසස්වීම් ලැබෙන යුගය නිමා කළා  රටක් ඉදිරියට ගෙන යෑමට නම් ජනතාව මෙන්ම දේශපාලනඥයන් ද නීතියට බිය විය යුතු බවත්, නීතිය සියලු දෙනාට උඩින් තිබෙන ශිෂ්ටසම්පන්න රටක් ගොඩනැඟීමට ඉවහල්…

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285කට විශේෂ රාජ්‍ය සමාව

හෙටට (04) යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව හිමිවී ඇත. මෙයින් 06 දෙනකු කාන්තාවන් වේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ. සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන්…

හෙට සුරාසැල් වැසෙයි

දිවයින පුරා ඇති සියලුම සුරාසැල් හෙට (04) වසා තැබීමට තීරණය කර තිබේ. ඒ හෙට දිනයට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දිනය හේතුවෙනි. සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසන්නේ එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන…

නිදහස් දින උලෙළ හෙට

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” තේමාව යටතේ මෙවර පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දිනය හෙටට යෙදී තිබේ. නිදහස් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී හෙට (04) පෙරවරුවේ පැවැත්වේ. මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර…

ප්‍රදේශ රැසකට අද වැස්ස නැහැ

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…

උතුරුමැද සා:පෙළ කල් දැමූ වාර විභාග අද සිට යළි

2024 වසරේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ විභාගය අද (03)සිට ලබන 14 වැනි දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදුකරන පොලිස් ආරක්ෂාව යටතේ…