Category Local News

තරුණයින්ට අත්තටු ලබාදෙන විට ජවිපෙ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමුවා -ජනපති රනිල්

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කර…

ජනපති හමුවූ දෙමළ ආණ්ඩු පක්ෂයේ නියෝජිත පිරිස

ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂයේ නියෝජිත පිරිසක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව යාලි ප්‍රදේශයේදී පවත්වා ඇති බව සඳහන්. මේ සඳහා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා දෙමළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තරඟ කළ පිරිසක් සහ…

Audio Book ලෙස ජනගත කෙරුණු සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු රටක නැවත නැගී සිටින්නට අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළ ජනගත කිරීම සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා. මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…

හම්බන්තොට පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහායත් රනිල්ට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර සභා සහ ප්‍රාදේශිය සභා 12 තුළ සිටින සභාපතිවරු 09ක් හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 80% ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකඟතාවය පළකර තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්තේ…

රනිල්ගේ දරණාගම කාර්යාලයට ගිනි තැබූ සැකකරු අල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා බියගම ආසනයේ දරණාගම ප්‍රදේශයේ විවෘත කරන ලද මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගිනි තැබූ බව කියන සැකකරු මීගහවත්ත පොලිසිය මඟින් පෙරේදා (5) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. මේ ගිනි තැබීම පෙරේදා (5) පස්වරුවේ සිදු කර තිබූ…

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී එම වෙනසට එරෙහි වූවන් බවට උතුරේ ජනතාව පත් වූවහොත් දකුණේ…

අපනයනකරුවන් සඳහා අදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේ කාලය ලිහිල් කෙරෙයි

දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා 2024 අංක 01 දරන අපනයන…

අදත් තරමක වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු,…

රක්ෂිත වනාන්තරවලට ආදිවාසීන්ට ඇතුළු වෙන්න හැඳුනුම්පතක්

ආදිවාසීන් ජීවත් වෙන රක්ෂිත වනාන්තරවලට ඇතුළු වීම සඳහා ආදිවාසීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආදිවාසීන් එදිනෙදා ජීවනෝපාය සරිකර ගැනීම සඳහා නිරන්තරයෙන් වනසංරක්ෂණ සහ වනජීවී රක්ෂිතයන්ට ඇතුළු වන අතර ඖෂධ, මීපැණි, දර එකතු කිරීම ඇතුළු…

මධ්‍ය කඳුකරයේ වැනිලා අස්වැන්නම මිලට ගන්නේ අපි-ගොවි සංගමයේ උපදේශක හිටපු ප්‍රාදේශීය ලේකම් ඒ.බී. මඩුගල්ල

කුළුබඩු ලොවේ රැජන යන විරුදාවලිය ලත් වැනිලා එකතු කර මහනුවර දිස්ත්‍රික්කයේ වැනිලා වගාකරුවන්ගේ සුබසෙත සලසන සමගියෙන් බැඳුණු අපූරු ගොවි සංගමයක් පසුගියදා අපට හමුවිය. ඒ මුළු මධ්‍ය කඳුකරයේම වැනිලා වගා කරන පිරිසගේ අස්වැන්න වැඩි මිලට ලබා ගැනීමට පිහිටු වූ සංගමයකි. මහනුවර…