Category Local News

අල්ලස් ගත් PHI ට වැඩ වරදියි

රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් මහජන සෞඛ්‍ය පරික්ෂවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්. පැමිණිලිකරුගේ අවන්හලේ 2025 වර්ෂය සඳහා වෙළෙඳ බලපත්‍රය අලුත්…

වී මෝල් ලියාපදිංචිය අනිවාර්යයි

කුඩා, මධ්‍යම මහා පරිමාණ සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය අයැදුම්පත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා. වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත…

ලබන සඳුදා අයවැය පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) ලබන 17 වැනි සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය)…

පානදුර ගුවන් පාලම අසල පෞද්ගලික බස් රථයක් පෙරළෙයි

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (14) රාත්‍රී 11ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී…

විද්‍යාපිඨ තුලින් ලබාදෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නැහැ

දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන ගුරුවරුන් බිහිකරන මෙරට  විද්‍යාපිඨ පද්ධතිය තුළ ලබාදෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස් වී නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විද්‍යාපිඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් පොලොන්නරුව,…

අධිවේගී මාර්ගය අසල ලඳු කැලෑවක මළ සිරුරක් හමුවෙයි

කඩවත ගනේමුල්ල පාරේ අධිවේගී මාර්ගයට ආසන්න ලදු කැළෑවක තිබී අද (15) උදෑසන නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. අඩක් පිළිස්සී ගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ලෙස මෙය හඳුනා ගෙන ති‌බෙයි. ඊයේ (14) රාත්‍රී 8ට පමණ මෙම ස්ථානයේ ගින්නක්…

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙයි. මෙවර එහි තේමාව වන්නේ ‘උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු’ යන්නයි. මෙරටින් වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1200කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ…

උදෑසන කාලයේ සීතල කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු-මැද ,නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක. උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත…

ජාතීන් අතර සහෝදරත්වය ගොඩනඟන පෙරහර සංස්කෘතිය රැකගනිමු-ගංගාරාම නවම් පෙරහරට එක්වෙමින් විපක්ෂ නායක කියයි

ජාතීන් අතර සහෝදරත්වය, සංහිඳියාව සහ සාමය ගොඩනඟන පෙරහර සංස්කෘතිය රැකගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ 45 වැනි වතාවටත් වීදි සංචාරය කළ ගංගාරාම නවම් පෙරහර අවස්ථාවට පෙරේදා (12) එක්වෙමිනි. ගලගොඩ ඥාණීස්සර පොඩි…

පොලිස් නිලධාරීන්ගේ අසීමිත වත්කම් සොයයි-සමහරු මාලිගා වගේ ගෙවලුත් හදලා

සිය සේවා කාලය තුළ ලබන වැටුප් හා දීමනා වැය නොකර ඉතිරි කර ගැනීමෙන් පවා ලබාගත නොහැකි දේපොළකට හිමිකම් කියන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් මේ වන විට තොරතුරු රැස් කරමින් සිටියි. ඇතැම් පොලිස් නිලධාරීන්ගේ දේපොළ ඇත්තේ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ගේ…