Category Local News

පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන්

මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා ආරම්භ වන බවයි. පළමු වාරයේ තෙවන අදියර මැයි 9වනදා අවසන්…

සවස් කාලයේ වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. අනුරාධපුරය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස්…

පහළට වැටුණ කොටස් වෙළදපොල යළිත් ශක්තිමත් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 704.88 කින් ඉහළ ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 4.74%ක අගයකි. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 15,580.83ක් ලෙසයි. ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7ක් ලෙස සටහන්ව ඇත.

කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි අලි පැටවකු අල්ලා වනජීවියට භාරදෙයි

කොට්ටුකච්චිය වෙල්යායේ අතරමංව සිටි වන අලි පැටවකු ගම්වාසීන් අල්ලා වනජීවී නිලධාරීන්ට ඊයේ (09) භාරදී ඇත. අලි පැටවා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට පසුව භාරදීමට රැගෙන යන ලදි. වනඅලියා මාස තුනකට ආසන්න කුඩා පැටවකු බව වනජීවී නිලධාරීහු පවසති. මේ දිනවල පුත්තලම…

ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටසක් ගිලා බැහැලා

ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටසක් ගිලා බැසීමට පටන් ගෙන ඇත.මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලයෙන් විමසු විට ගාලු කොටුවේ පොළොව යටින් පල්දෙරු ක්‍රමයට මුහුදට ජලය ගලා බැස යන ස්ථානයක මේ ගිලා බැසීම සිදු වී ඇතැයි කීය.කෙසේ වෙතත් ඒ ස්ථානයේදී…

වැලිකඩ පොලීසියේදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්න නියෝග

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී පසුගියදා මියගිය තරුණයාගේ මෘතශරීරය ගොඩ ගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට ඊයේ (9) නියෝග කළේය. මෙම…

වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම අවසන්

ශ්‍රී ලංකාවේ දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථාවන් පිළිබඳ සොයා බැලීම සඳහා කැනඩාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මහ කොමසාරිස් එරික්…

කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අය-වැයෙන් බිලියන 20ක්

රජය මෙවර අය-වැයෙන් රජයේ ආයෝජන ලෙස වෙන් කළ රුපියල් මිලියන 20,000ක (රු. බිලියන 20) මුදලින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීම සඳහා රුපියල් මිලියන 15,000ක් ද ඉතිරි රුපියල් මිලියන 5000 පැහැරහරින සුළු හා මධ්‍ය පරිමාණ ණය සඳහා සහන සැලසීමට ද…

වතු ආශ්‍රිත පාසල්වලට පහසුකම් දීම අගයනවා-ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා

මලයාලම් ප්‍රජාවට නිවාස ලබාදීමේ ඉන්දියානු නිවාස යෝජනාවලිය සහ වතු ආශ්‍රිත පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජයේ කාර්යක්ෂතාව සිය සතුටට කරුණක් බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා කියා සිටියේය. වත්මන් රජය, ජනතා රජයක් ලෙස ප්‍රචලිත…

කෝසලගේ පුටුවට සමන්ත රණසිංහ

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම් කළ බව මැතිවරණ කොමිසම පවසයි. සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.…