Category Local News

අය-වැයෙන් සහන මල්ලක්

රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට යෝජනා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ මංගල අය-වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළේය. පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම මාසික…

මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජීවිත කතාව සහ දර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සාකච්ඡා කර ඊළඟ පරම්පරාවට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ…

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල 17 රාත්‍රී නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිඳු වෙඩ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත…

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ පෙත්සමට වුණ දේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක…

පාන් පිටි මිළ පහළට

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති.

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා මුළු අයවැයෙන් රුපියල් මිලියන 640 ක්

2025 අයවැය තුළින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තැනීමේ අරමුණ පෙරදැරිව බොහොමයක් තීරණ තීන්දු නව රජය විසින් ගෙන ඇත. එහි දී තිරසාර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසර සහ සංවර්ධනය අතර සම්බන්ධතාව, පාරිසරික යහපාලනය, පාරිසරික ආරක්ෂාව සඳහා මෙවර…

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිගේ ධූර කාලය දීර්ඝ කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ  ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද  (17) සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා…

රුපියල් බිලියන 2200 ක අයවැය පරතරයක්

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.…

කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන් මහල් නිවාස

සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැහැදිලි කළේය.…

ආණ්ඩුවේ කවුරු හරි අල්ලස් ගත්තොත් කිසිම සමාවක් නැහැ – ජනපතිගෙන් සහතිකයක්

බදු ගෙවන්නන්ගේ සෑම රුපියලකටම සාධාරණය ඉටු කරන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අයවැය කතාව අවසන් කරමින් කියාසිටියේ සිය රජය යටතේ අල්ලස් ගැනීමට බිය වන සමාජයක් නිර්මාණය කරන බවයි. වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් අතර දූෂණය නොඉවසන බවත්, අල්ලස් ගැනීමට…