Category Local News

පෞද්ගලික අංශයේ වැටුප රු. 27,000ට වැඩි කරනවා-ඇමැති වසන්ත සමරසිංහ

අවම වැටුප් පනත සංශෝධනයට මෙම වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 27,000 දක්වා වැඩි කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. අප්‍රේල් 01 වැනිදා සිට…

නාමල්ට අධිචෝදනා ඇඟිලි සලකුණු ගන්නත් නියෝග-මිලියන 20ක ශරීර ඇප

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට නඩු පවරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් සහ මිලියන 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කොළඹ…

රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප වසර නවයකට පසු වැඩි කළා-නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අය-වැය තුළින් රාජ්‍ය සේවය තුළ වැටුප් වැඩිවීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඊයේ (18) පැහැදිලි කළේය. 2016 වසරින් පසුව රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප කිසිසේත් වැඩි නොවූ…

සවස් කාලයේ තැනින් තැන වැසි ලකුණු

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අම්පාර  දිස්ත්‍රික්කයේ  වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

අධික වියලි කාලගුණය නිසා ජලය ප්‍රවේසමෙන් භාවිතා කරන්න

අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින හෙයින් අත්‍යාවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම්දෙයි. පවතින උෂ්ණාධික තත්ත්වය නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින…

අප්‍රේල් සිට තවත් රාජ්‍ය ආයතන 30කට GovPay ඔස්සේ ගෙවීමට අවස්ථාව

2025 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ තවත් රාජ්‍ය ආයතන 30කට GovPay හරහා ගෙවීම් සිදුකිරීමට පහසුකම් සලසන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි. රාජ්‍ය ආයතන 15ක් සඳහා දැනටමත් GovPay හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග…

සති දෙකට වලවේ ගඟේ ජල මට්ටම පහළට

වලවේ  ගඟේ  ජල  පෝෂක  ප්‍රදේශවලට  සති  දෙකක පමණ කාලයක සිට  පවතින   වැසි  රහිත කාලගුණය  හේතුවෙන් වලවේ ගඟේ  ජල  මට්ටම බලන්ගොඩ   ප්‍රදේශයෙන් සීඝ්‍රයෙන්  පහත  බැස  තිබෙයි. වලවේ   ගඟ  පෝෂණය වන  බලන්ගොඩ වලේබොඩ ජල පෝෂක ප්‍රදේශයට  මේ දිනවල පවතින වියළි කාලගුණය…

මෙවර අයවැය ඉතාම හොද අයවැයක් – මහ බැංකු අධිපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ අනුව මෙවර අයවැය රටට හොඳ අයවැයක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අයවැය සම්බන්ධයෙන් කොළඹදී අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවේය. “ඉලක්ක…

රත් කළ කම්බි කූරකින් බිරිඳ පිළිස්සූ සැමියා සොයා පරීක්ෂණ

රත් කළ කම්බි කූරකින් තම 28 හැවිරිදි  බිරිඳගේ ලිංගික ප්‍රදේශය ආශ්‍රිත කලවා ප්‍රදේශය පිළිස්සූ බව කියන 44 හැවිරිදි සැමියෙකු අත් අඩංගුවට ගැනීමට තෙබුවන පොලිසිය පරීක්ෂණ පවත්වයි . ඉකුත් 14 වැනි දින බීමත්ව පැමිණි සැමියා ඇයව මෙසේ පුළුස්සා තිබුණද ඇය ඔහුට…

රිචඩ් ඝාතනය කර අදට වසර 35 යි

අදින් වසර 35 කට පෙර 1990 පෙබරවාරි 18 වෙනිදා අලුයම 3.30 ට පමණ සිය මවත් සමඟ පදිංචි වී සිටි වැලිකඩවත්ත නිවාස සංකීර්ණයේ නිවසට කඩා වදින කණ්ඩායමක් විසින් රිචඩ් මනික් ද සොයිසා හෙවත් අදටත් බොහෝ දෙනා දන්නා රිචඩ් ද සොයිසා පැහැරගෙන…