Category Local News

ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යෑම සවිමත් කිරීමට ‘Sri Lankan Day’ සමරමු-ජනාධිපති අනුර දිසානායක

ජාති, ආගම් භේදවලින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස, එක්ව ඉදිරියට යන ගමන වඩා සවිමත් කිරීම වෙනුවෙන් ‘Sri Lankan Day’ සැමරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සෙවරින්…

ආණ්ඩුවට ජනතා විශ්වාසය වැඩි වෙයි-වෙරිටේ රිසර්ච් සමීක්ෂණයක් කියයි

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට බහුතරයකගේ අදහස වීමත් සමඟ වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ සියයට 62ක වැඩිම අගය මේ මාසයේදී වාර්තා වන බව වෙරිටේ රිසර්ච් කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වෙරිටේ රිසර්ච් කරන ගැලප් ශෛලියේ Òරට…

සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා ඉදිරිපත් කරන්න-ඇමැති, වෛද්‍ය නලින්ද රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලයි

සෞඛ්‍ය සේවාවේ සියලු අංශ ඇතුළත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බවත් ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ රජයේ…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැක.…

යුරෝපා කොමිසමේ සභාපතිනිය ඉන්දියාවට

යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන්ඩර් ලේයන් මේ මස අගභාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස 27 සහ 28 දෙදින සිදුවන එම සංචාරයට උර්සුලා සමඟ යුරෝපා කොමිසමේ සාමාජිකත්වය දරන රටවල් 27ක නියෝජිතයන් ඇතුළත් දේශපාලන මණ්ඩලයේ සියලු…

කෙහෙළියගේ අත්හිටුවූ දේපළ ලේඛනවල සහතික කළ පිටපත් නීතිඥයෝ ඉල්ලති

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට සහ ඔහුගේ පවුලේ උදවියට අයත්, අත්හිටුවන ලද දේපළවලට අදාළ සියලු ලේඛනවල සහතික කළ පිටපත් දෙන ලෙස වගඋත්තරකරුගේ නීතිඥයෝ මෝසමක් ගොනු කරමින් ඊයේ (24දා) අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු…

පානීය ජල බෝතල් 6800ක් විනාශ කිරීමට උසාවි නියෝග

ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස මුද්‍රණය කළ වෙළෙඳපොළට නිකුත් කර තිබූ රුපියල් මිලියනයකට වැඩි වටිනාකමක් ඇති පානීය ජල බෝතල් 6800ක් විනාශ කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කළේය.ජල බෝතල් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට ගබඩා කර තිබූ පූගොඩ,දන්ගල්ල පෞද්ගලික…

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුව විරෝධතාවක

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී Òනිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ සම සෞඛ්‍ය උපාධිධාරින් සීමා කරමින් උපාධි කඩවලින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුළා ගනුÓ යන මැයෙන් ඊයේ (24) විරෝධතාවක් පැවැත්වීය. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිටවන සියලුම සම සෞඛ්‍ය…

පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවේ සභාපති – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ සභාපති ධුරය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පත් කර ඇත. එම කාරක සභාවේ සභාපති ධුරය සඳහා හරිනි අමරසූරිය මෙණෙවියගේ නම යෝජනා කරන බව සභානාය‍ක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 2025 වසර සඳහා…

ප්‍රසන්නට-අනුරුද්ධට-චන්දනට ජනාධිපති මාධ්‍ය ඒකකයේ තනතුරු

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතාද, ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාද, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාද පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය…