Category Local News

සීතාවක රාජසිංහයන් උදෙසා යෙදෙන ගුණානුස්මරණ උළෙල මාර්තු 08 වෙනිදා මැදගොඩ දී

ලංකා ඉතිහාසයේ බිහිවූ සුවිශිෂ්ඨ රණශූර පාලකයෙකු වූ සීතාවක රාජසිංහයන්ගේ ( ක්‍රි.ව. 1581 – 1593 ) 432 වන අනුස්මරණය යෙදෙන මාර්තු 08 වෙනිදා ඓතිහාසික රුවන්වැල්ල මැදගොඩ ශ්‍රී සිද්ධ පත්තිනි දේවාල පූජාභූමියේදී සීතාවක රාජසිංහ රජතුමා වෙනුවෙන් යෙදෙන ගුණානුස්මරණ සහ පින් අනුමෝදන් කිරීමේ…

ජපන් යුද නෞකාවක් කොළඹට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. ‘ASAHI’ නමින් හැඳින්වෙන මෙම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු විය. Destroyer වර්ගයට අයත් ‘ASAHI’ , දිගින් මීටර් 151ක් හා නැව්…

පෙරහරක දකින සාමූහිකත්වයම පරිවර්තනීය රටක් නිර්මාණය කිරීමට අවශ්‍යයි – අගමැති හරිනි

පෙරහර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බවත් එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. හොරණ රාජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහර විථි සංචාරය කිරීමෙි සමාරම්භක අවස්ථාවට (01) දින එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව…

අවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට රට ගිහින් – කෝප් කමිටුවේ දී හෙළි වෙයි

නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය. මෙම ආයතනයේ පසුගිය කාලසීමාවේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂාකර බැලීමේදී මේ බව පැහැදිලි වන බව කෝප්…

ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරය අද (02) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධාන කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1951 මාර්තු 2 දින ‘රාජකීය ලංකා ගුවන්…

නොමිලේ ජපානයේ රැකියා අවස්ථා රැසක් – අයදුම් කරන හැටි දැනුම් දෙයි

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රි ලාංකිකයින්ට ලැබී ඇති අතර, එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයදුම් කිරීමට අවස්ථාව පවතින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ රැකියා…

බීර ටින් ප්‍රතිචක්‍රීකරණයට කර්මාන්තශාලා 03ක්

මෙරට පරිසරයට තර්ජනයක්ව ඇති හිස් බීර ටින් පූර්ණ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නවීන කර්මාන්තශාලා 3ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දැනටමත් එක් කර්මාන්තශාලාවක් මහනුවරට නුදුරු පිළිමතලාවේ ආරම්භ කර ඇති අතර, නව කර්මාන්තශාලා තුන ඇල්ල, ගාල්ල හා නුවරඑළියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.…

රාමසාන් උපවාස සමය ඇරඹෙයි

රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළේ  ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව අද සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව…

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

අලි මිනිස් ගැටුම පාලනයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට පියවර

උතුරු මැද පළාතේ අලි මිනිස් ගැටුම පාලනයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම පළාත තුළ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අලි සැරිසරන ප්‍රදේශ, දැනට ඇති අලි වැට, වනාන්තර ප්‍රදේශ හා මුර කුටි ඉදිකිරීම හා GIS…