Category Local News

පෙබරවාරි මාසේ ලංකාවට වාර්තාගත සංචාරක පිරිසක්

2025 වසරේ පෙබරවාරි මාසයේදී 232,000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ 2025 පෙබරවාරි 01වනදා සිට 27වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 232,341ක් දිවයිනට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් පැමිණ ඇත.එම…

දුම්රිය කිහිපයක කාලසටහන වෙනස් වෙයි

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව උදයදේවි ,පුලතිසි ,මීනගයා දුම්රිය ධාවනයේ කාලසටහන සංශෝධනය කර ඇත.

පුංචි ඡන්දයේ නාමයෝජනා දින නියම වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ . ඒ අනුව,  2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

ජාත්‍යන්තර කාන්තා දිනයට ‘ජාතික කාන්තා සතියක්‘

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ”සියලුම කාන්තාවන් සහ ගැහැනු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම” යන්න තේමාව කර ගනිමින් පවත් වන අතර…

දෙබත්ගම ශ්‍රී සෝමරතන තිස්ස නාහිමිපාණන් වෙත අමරපුර නිකායේ අනුනායක පදවිය වෙනුවෙන් සන්නස්පත්‍රය අගමැතිනිය අතින් පිරිනමයි

ශාස්ත්‍රවේදී දෙබත්ගම සෝමරතන තිස්ස  නායක ස්වාමීන්වහන්සේ වෙත  ශ්‍රි  ඉන්දජෝති වංශාවලංකාර  ශ්‍රී රතනජෝති වංශාවතංස  ගෞරව නාමය සහිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ අනුනායක ධුරය සඳහා වන සන්නස් පත්‍රය පිරිණැමීම මාර්තු  02 දින පස්වරුවේ අරණායක දෙබත්ගම ශ්‍රී රතනජෝත්‍යාරාම ධර්ම මන්දිරයේදී…

උත්සව සමයේ හිඟයකින් තොරව ජනතාවට භාණ්ඩ සැපයීමට පහසුකම්

උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව අතවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ඒ අනුව ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කර අඩු මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බවයි…

නායයෑම් අනතුරු නිවේදන තවදුරටත්

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙයි. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති…

ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් පාරට කඩා වැටෙයි

ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් සහ එහි තාප්පය පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමග කඩා වැටී තිබෙයි. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකයන්ට සහාය දැක්වූ දේශීය පවුලක්…

නිරුවතින් බයික් පැද්ද තරුණයා පොලිසියට කොටුවෙයි

නිරුවතින් යතුරු පැදියක් ධාවනය  කළ  පුද්ගලයෙකු පොලිසිය විසින් කඩුගන්නාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙයි. මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මොහු ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේය. එමෙන්ම, ඔහු ආරක්ෂිත හිස්…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…