Category Local News

නව ආරක්ෂක ලේකම් වැඩ භාර ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (23) පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිය පත්වීමට අදාළ රාජකාරින් නිල වශයෙන්…

රටේ ජනතාව විශාල බලාපොරොත්තු සමඟ මෙම ජයග්‍රහණය ලබා දී තිබෙනවා-මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති

ජයග්‍රහණයෙන් පසු රටේ කලබල ඇතිවේ යැයි මතයක් හදන්නට විරුද්ධවාදීන් උත්සාහ කළත් අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු එවැනි කිසිදු කලබලයක් ඇති නොවුණු බවත් එය රටට අවශ්‍ය වී තිබුණු ආදර්ශයක් බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල…

විවිධ බාධක-කම්කටොලුවලට අනුර කුමාර මුහුණ දුන්නත් අරමුණ කරා යන ගමන කිසිවිටෙකත් අත්හැරියේ නැහැ

විවිධ බාධක හා කම්කටොලුවලට මුහුණ දුන්නත් අනුර කුමාර දිසානායක මහතා තම අරමුණ කරා යන ගමන කිසිවිටෙකත් අත්නොහැරියේ යැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ. ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි මහානායක…

අනුර කුමාර මෙරට අන්තිම විධායක ජනපතියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙරට අන්තිම විධායක ජනාධිපතිවරයා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (23) පැවසීය. එමෙන්ම ජනතාවගේ අරගලය ජයග්‍රහණය කර තිබෙන බවත් ප්‍රකාශ කළ හඳුන්නෙත්ති මහතා ඉතුරු වැඩ කටයුතු ටිකත් සාර්ථකව කර ගැනීමට…

නව ජනපතිට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ගලා එයි

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් ලෝක නායකයන් ඇතුළුව විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සිය සුබ පැතුම් එක්කර තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය සුබ පැතුම් එක්කර තිබෙන අතර ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝගිතාව ගොඩනඟා…

යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කැපවෙන්න සූදානම්-ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අභිනව ජනපති ජාතිය අමතයි

පාලකයෙක් තෝරා ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නෑ: දන්න දේ එක්රැස් කරගෙන වඩා හොඳ තීන්දු තීරණ ගෙන වැඩ කිරීමට සූදානම්: දේශපාලකයන් සහ දේශපාලනය ගැන පුරවැසියන්ට ගෞරවයක් ඇති කීරීමට වෙහෙසෙනවා: රට ගොඩනැඟීමට අපේ ක්‍රියාදාමයට උදව් කරයි කියන විශ්වාසය මට තිබෙනවා:  ජනතාව…

ප්‍රවීණ නර්තනවේදිනී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තනවේදිනී පද්ම ශ්‍රී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහත්මිය මෙරට ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකර ඇති දැවැන්ත කාන්තා පෞරුෂයක් ලෙසයි සැලකෙන්නේ.

අනුරගේ පාර්ලිමේන්තු අසුන ලක්ෂ්මන් නිපුණ ආරච්චිට

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරීපත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පත්කර තිබෙනවා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දුන්නා අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා…

ජනපති දළදා වැඳගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ. අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් මුණ ගැසුණේය. අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව තිබේ.

පෙළපාලි යාම තහනම්

පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ පෙළපාලි යාම තහනම් බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර තිබෙනවා. එහිදී මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර සතියක (දින 07) කාලයක් වාහන මඟින් හෝ පා ගමනින් පෙළපාලි ගමන් කිරීම තහනම් බවයි ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරන්නේ.