Category Local News

කුළුණු 05 ක් යටතේ ඉදිරියේ දී අධ්‍යාපනයේ වෙනසක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025  වර්ෂය තුළ ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ අධ්‍යාපන, උසස්…

ප්‍රාදේශීය සභා කිහිපයක නාම යෝජනා භාර ගන්නා දිනයන් ගැන නිවේදනයක්

මන්නාරම, පූනකරි සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාර ගන්නා දිනයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 24වනදා සිට 27වනදා දහවල් 12 දක්වා සිදු කරන බවයි.…

සා.පෙළ උප­කා­රක පන්ති අද රෑ 12න් පසුව තහ­නම්

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභා­ග­යට අදා­ළව උප­කා­රක පන්ති පැවැ­ත්වීම අද (10) මධ්‍යම රාත්‍රී 12 සිට විභා­ගය අව­සන් වන තෙක් තහ­නම් බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය. මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා…

නිළි රැජිණිය ගැන වාර්තා වන පුවත් අසත්‍යයි මෙන්න ඇත්ත කතාව

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මිය බරපතල ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි යන පුවත අසත්‍යය බව ඒ මහත්මියගේ පවුලේ ඥාතීන් දිනමිණට පැවැසීය. කෙසේ වෙතත් මේ වන විට ඇය ඇති වූ රෝගී තත්ත්වයක්…

භාවිතයට නුසුදුසු පොල්තෙල් තොගයක් සොයා ගැනෙයි

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් පහළොස්දහස් හයසිය විස්සක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි. කොළඹ සිට පොළොන්නරුව දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම පොල්තෙල් තොගය සොයා ගැනුණේ අරණගංවිල ප්‍රදේශයේදී කළ පරික්ෂාවකදීයි. එහිදී පොල්තෙල් සහිත බැරල්…

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ලංකාවට එයි

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc ) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සදහා අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ඔහු ලෝකයේ රටවල් 22 ක ගීත දර්ශක වල ඉහළම ස්ථානයේ පසුවන අතර ඇමෙරිකාවේ ”…

ජීවිත තුනක් බිලිගත් මාදම්පේ මාරක අනතුර

තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක හා ලොරි රථයක ගැටීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කල මව, දියණිය සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙයි. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ…

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන බාධා ඇති විය. ඒ අනුව  අද (10) උදෑසන වනවිට එම මාර්ගයේ  ධාවන කටයුතු යළි යථාතත්ත්වයට පත්කර තිබේ.

කතරගම බස්නායක නිලමේ CID යට කැඳවයි

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් ලබාදෙන ආධාර සඳහා රිසිට් පත් කැඩීමේදී සිදුව ඇති බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකරුවකු වන කාමන්ත ජයමුණි විසින්…

කෝටි 17 ක හෂීෂ් සමඟ කැනඩා තරුණියක් කටුනායක දී කොටුවෙයි

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ” හෂීෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් ඊයේ (09) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි කැනඩා ජාතික…