Category Local News

විදේශ ලේකම් අරුණි විජේවර්ධන සිය ධුරයේ වැඩ භාර ගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් පත් කරනු ලැබීමෙන් අනතුරුව අරුණි විජේවර්ධන මහත්මිය 2024 සැප්තැම්බර් මස 25 වැනි දින එම අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගත්තාය. මීට පෙර, 2022 මැයි මස 20 වැනි දින සිට…

මහ මැතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම ගැන නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත්කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයකට ඇතුළත් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙයි. එම…

නාමයෝජනා ඔක්තෝබර් 4 සිට 11 දක්වා

නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. මේ වසරට අදාළව කිසිදු මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීමක් සිදු කර නැති නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මැතිවරණයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නිදහස්…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් පූර්ණ සහාය දෙනවා-ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

විධායක ජනාධිපති ධුරය අහෝසි කර මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ නම් ඊට පූර්ණ සහයෝගය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස්…

මන්ත්‍රීවරුන් 79 කට විශ්‍රාම වැටුප් අහිමි වෙයි

ඉකුත් 2020 වසරේ දී පැවති මහ මැතිවරණයේදී ප්‍රථම වතාවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමිවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීම නිසා 2020 මහ මැතිවරණයෙන් තේරී පත්වූ…

හෙට සිට වැසි තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි…

ග්‍රාමීය හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු වැඩ අරඹයි

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී ඊයේ (25) වැඩ භාරගනු ලැබීය. මහා භාණ්ඩාගාරයේ විවිධ දෙපාර්තමේන්තුවල වසර 26කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අතපත්තු මහතා මීට පෙර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක…

අධිකරණ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම් ප්‍රදීප් යසරත්න වැඩ අරඹමින්..

අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම ඊයේ (25) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. වසර 1998දී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස පරිපාලන සේවයට…

වෙළෙඳ, වාණිජ අමාත්‍යාංශ ලේකම් එම්.එම්. නයිමුදීන් රාජකාරී අරඹයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශයේදී සිය රාජකාරි ආරම්භ කළ අයුරු. අතිරේක ලේකම්වරුන් වන සුසන්ත ජයතිලක, අනෝජා හේරත් මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මුදල්,ආර්ථික සංවර්ධන සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන වැඩ භාරගනී

මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා වැඩ භාර ගත් අවස්ථාව. මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාදන,සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. කොළඹ කොටුව පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී සිය…