Category Local News

නාමල්ගේ නීතිඥ පට්ටම වංචනිකද?-නීති විද්‍යාල විභාග ලේඛන බලන්න CIDයට උසාවියෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥභාවය වංචනික ලෙස ලබාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වහාම අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළාය. නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබාගැනීම සම්බන්ධයෙන්…

ට්‍රම්ප් ලෝකෙටම බදු ගසයි-ශ්‍රී ලංකාවට 44%ක්

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පෙරේදා (02) ප්‍රකාශයට පත්කර ඇති අතර හෙට (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා…

සුරාසැල් වසා තැබීම ගැන නිවේදනයක්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අප්‍රියෙල් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් මත්පැන් හල් වසා…

වීදි සුනඛයින් සහ යාචකයින් ඉවත් කරන්න උපදෙස් ලබා දී නැහැ

සමාජ මාධ්‍ය තුළ සංසරණයවන වීදි සුනඛයින් සහ යාචකයින් ඉවත් කිරීමට පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී නොමැති බව පොලිසිය පවසනවා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔහු සංචාරය කරන ප්‍රදේශ තුළ සිටින වීදි සුනඛයින් සහ…

මැණික් අපනයන ඇ.ඩො බිලියනයක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂාවක්

මෙම වසරේ මෙරට මැණික් අපනයනය ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා පවසනවා ඔහු මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැනට මැණික් අපනයනය සිදුවන්නේ 90%ක්…

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබෙනවා. අප්‍රේල් 01 වැනිදා සිට දින හතරක් පුරා මෙම පෙත්සම් විභාගය පැවැත්වු අතර…

ඉන්දීය අගමැති මෝදිගේ නිල සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා ඒ අනුව අද (04) පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර…

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (04) පස්වරුවේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි වනවා. බස්නාහිර, සබරගමුව,…

දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 දක්වා නැවතත් රිමාන්ඩ්

වැඩ තහනමකට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි. ඒ ඔහු අද (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පසුගිය (20) වෙනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.…