Category Local News

ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් මෙරටට අමතර කොටස් තොගයක්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායට අයත් සුරක්‍ෂා නෞකාවට අවශ්‍ය අමතර කොටස් ලබාදීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් Sachet නෞකාව කොළඹට පැමිණ තිබෙනවා. ඉන්දීය රජය විසින් ප්‍රදානයක් ලෙස මෙම අමතර කොටස් තොගය  ලබා දී ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.2…

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ ඇයගේ පෙම්වතා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්නන් වන බව පොලීසිය පැවසීය. ‍කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි…

කෙහෙළිය ගෙවල් කුලියත් ගෙවා නෑ

මධ්‍යම පළාත් සභාව සතු නිවෙසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවෙස සදහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඬියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සදහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර…

හිතවත් වැඩ පරී­ක්ෂ­ක­, තරු­ණි­යගේ මුහුණේ ඡායා­රූ­ප­ය­කට නිරු­වත බද්ධ කරලා !

මංගල යෝජ­නා­වට අක­මැති වූවා යයි උරණ වී කොළඹ ප්‍රධාන පෙළේ වෙ‍ෙළඳ ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක සේවය කළ 19 හැවි­රිදි රූමත් වෙළෙඳ සහා­යි­කා­වගේ මුහුණ යොදා නිරු­වත් ඡායා­රූ­ප­යක් බද්ධ කර අන්ත­ර්ජා­ල­යට මුදා­හැරි 36 හැවි­රිදි වැඩ පරී­ක්ෂ­ක­ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය. සැක­කරු සන්ත­කයේ තිබී නිරු­වත් ඡායා­රූ­පය අඩංගු…

ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා ස්වීඩනයේ කාල් ගුස්ටාෆ් රජු බැහැදකී

ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා මහතා ස්ටොක්හෝම්හි රාජකීය මාලිගයේදී එරට කාල් ගුස්ටාෆ් රජු විසින් පිළිගෙන තිබේ. රාජකීය මාලිගයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකින් අනතුරුව මේ පිළිගැනීම සිදුව තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් රජු වෙත…

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට බල්ලා උසිගැන්වූ පුද්ගලයාට වෙඩි

මීතොටමුල්ල, වඩුගොඩවත්තේ කසිප්පු ජාවාරම්කරුවකුගේ නි‍වෙසක් පරීක්ෂා කිරීමට ගිය වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් පිරිසකට නි‍වෙසට ඇතුළුවීමට ඉඩ නොදී නි‍වෙසේ ඇතිදැඩි කරන සුනඛයාව ලිහා පොලිස් නිලධාරීන්ව සපා කෑමට සලස්වා තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් සුනඛයාගේ සපාකෑම්වලට ලක්වන විට සුනඛයාව උසිගන්වමින් සිටි කසිප්පු ජාවාරම්කරුට පොලිසිය…

මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවක

මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දේශීය සහ විදේශීය භික්ෂූන් වහන්සේලා පනස් නමක් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කිරීම ඊයේ (20) උදෑසන සිදු විය. පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ල අසලින් පිණ්ඩපාත චාරිකාව…

දිව්‍ය ලෝකය ඔළුවට කඩන් වැටීම, ජනාධිපතිවරණයට කෙසේ බලපායිද ? – මහින්ද දේශප්‍රිය

සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 16 අතර කාලසීමාව තුළදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. VIEW මැතිවරණ  නිරීක්ෂණ සංවිධානයේ මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය. එහිදී…

චීන සමූ­හාණ්ඩු ජාතික ආර­ක්ෂක සර­ස­වියේ නිල­ධා­රීන් පිරි­සක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක

මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් නාවික හමුදා මූල­ස්ථා­නයේ සංචා­ර­යක නිර­තවී තිබේ. මෙරට අධ්‍ය­යන සංචා­ර­යක නිරත වන මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ජාතික ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ මාණ්ඩ­ලික පාඨ­මා­ලාව හදා­රන රියර් අද්මි­රාල් Hu Gangfeng මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් නිල­ධාරී කණ්ඩා­ය­මක් පෙරේදා (18) නාවික…

උරුමය ඉඩම් ඔප්පු ජංගම වැඩසටහන – ප්‍රාදේශීය ලේකම්වරයාට බලපත්‍රය බාරදී සින්නක්කර ඉඩම් ඔප්පුවක් ලබාගැනීමට අයදුම් කරන්න – රජය

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත. ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක්…