Category Local News

අනතුරට පත් චීන ගුවන්යානයේ දෝෂයක් නැහැ – ඇමති බිමල් රත්නායක

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත K-8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව…

නාගලගම් වීදියේ වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය මාර්තු 17 වනදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදියේ සිදුවු වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. නාගලගම් වීදිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තුවාල සිදුකර තිබුණි. මෙම සිද්ධියට මුහුණදුන් තුවාලකරුවන්ගේ දුරකථනය…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන…

හිටපු ජනපති රනිල්ගේ උපන් දිනයට චීන තානාපතිගෙන් භෝජන සංග්‍රහයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය. මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. හිටපු ජනාධිපති…

ජපන් උපාධිධාරි ශ්‍රී ලාංකික දස දෙනකුට සම්මාන

ජපන් උපාධිධාරි ආදි ශ්‍රී ලාංකික සංවිධානය මඟින් ජීවිතයේ එකවරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මානය ජපන් උපාධිධාරීන් දස දෙනෙකුට මෙවර පිරිනැමිණි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉෂෝමතා අකියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උලෙළේදී මෙයට වසර 33කට පෙර ජපානයේ අන්තර්ජාතික ජපන් විශ්වවිද්‍යාලයේ ආර්ථික…

ජපානයේ සමුද්‍ර ආරක්ෂක නැවක් කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බළකායට අයත් මුරසාමේ ( MURASAME) නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි. ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බළකායට අයත් මුරසාමේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා මෙම නෞකාව පෙරේදා ( 22)කොළඹ වරායට සේන්දු වූ…

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ලබන 29 වනදා දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි මෙලෙස අවසර හිමිව ඇත්තේ. මෙම…

පිටතින් ආහාර ඉල්ලූ දේශබන්දු

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා, තමාට පිටතින් ආහාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා හෙට (24) දිනයේ සුදුසු තීරණයක් ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි…

නීතිවිරෝධී ලෙස දුම්වැටි රැගෙන ආ දෙදෙනෙකු අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ඩුබායි සිට මෙරටට පැමිණි මගියෙකු දුම්වැටි 10,000ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහු 41 හැවිරිදි වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මේ අතර…

පාප් වහන්සේට රෝහලෙන් පිටව යාවට අවසර -ජනතාව හමුවටත්

මාසයකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉන් පිටව යාමට අවසර හිමිව තිබෙනවා. සුව අතට පත්වුවද උන්වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක්…