Category Local News

රටේ දියුණුවන ආර්ථිකයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටද හිමි විය යුතුයි කිසිවිටෙකත් එම වගකීමෙන් බැහැර වන්නේ නැහැ

වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවේ දී ජනපති පවසයි. යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා…

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට එක්වන ලෙස ජනපතිගෙන් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ආරාධනයක්

මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…

පූර්ව ලියාපදිංචියකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර ලබාගන්න එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.පූර්ව ලියාපදිංචිය සහිත ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව…

වත්මන් කෘෂි නවීකරණ වැඩපිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකියි – කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කර තිබෙන සැලසුම් සහගත කෘෂි නවීකරණ වැඩ පිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකි වී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. යල හා මහ කන්න…

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු…

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේ නොවුණහොත් අධ්‍යාපනය වෙනුවෙන් විශාල…

විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කෙරේ

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.…

අවුරුදු 76කට පස්සේ අපි පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදමු – අනුර

වසර 76 කට පසු පොදු ජනතාවගේ ආණ්ඩුවක් සෑදීම සඳහා තමන් සමඟ එක්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආරාධනා කරනවා. ජනතාවගේම සහෝදර සහෝදරියන් නියෝජනය කරන ආණ්ඩුවක්, ජනතාවට ජනතාව​ගේයැයි දැනෙන ආණ්ඩුවක්, ජනතාවට නෑදෑකම දැනෙන ආණ්ඩුවක් සාදා ගැනීමට එක්වන ලෙසයි…

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා ගන්නවා – සාගර කාරියවසම්

2024 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ අනුව දේශපාලන මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගන්නා බවයි පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ. 

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 15 වනදා නාමයෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. එසේම සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.