Category Local News

ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණයට පොහොට්ටුවේ විධායක සභා රැස්වීමක් හෙට

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පොහොට්ටුවේ විධායක සභාවේ විශේෂ විධායක සභා රැස්වීමක් හෙට (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Women’s Asia Cup 2024: කාන්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6…

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කර අවසන් – රජයේ මුද්‍රණාලයාධිපතිනිය

ජනාධිපතිවරණයට අදාළව, නාම යෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනි ලියනගේ පවසනවා. ඊයේ පෙරවරුව වන විට ඒ සියලුම පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදුන් බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරන්නේ. තේරීම්භාර නිලධාරින් පත්කිරීමට…

පක්ෂය අවස්ථාවක් දෙනවා නම් ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් – ධම්මික පෙරේරා

පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඒ අනුව ඉදිරි සතියේදී මේ සම්බන්ධයෙන් පක්ෂය තීරණයක් ගනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත්…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක…

AKD නිල වෙබ් අඩවිය සහ NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘත කෙරේ

ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානාය​කගේ නිල වෙබ් අඩවිය AKD.lk එළිදැක්වීම සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීම අද (27) පෙරවරුවේ සිදුවී තිබෙනවා. මෙම වෙබ් අඩවිය තුළ AI හරහා බලගැන්වෙන Live Chat සේවාවක් ඔස්සේ තොරතුරු දැනගැනීමේ…

එළඹෙන ජනාධිපතිවරණයේ දී බහුතර ජනතාවගේ මනාපය වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වනවා – ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක

ඉතිහාසයේ දරුණුතම ආර්ථික ආගාධයට වැටී තිබූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීමට පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව සූදානම්ව සිටින බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක…

රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට ප්‍රසන්න රණතුංග කළ යෝජනාව ගම්පහ දිස්ත්‍රික් ජනතාව ඒකමතිකව සම්මත කරයි. පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් සමඟ ගම්පහ පළාත් පාලන නියෝජිතයන් 250කට වැඩි පිරිසක් ජනපතිගේ සහායට එක් වෙයි. රටේ අනාගතය දේශපාල න්‍යාය…

ආර්ථිකය ගොඩ නැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා නම් තවමත් ශ්‍රී ලංකාවේ ඉරණම ඛේදනීයයි

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේදී එදා ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබු…

බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙනවා

තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යෝජිත නව පනත් කෙටුම්පත මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්…