Category Local News

අද මාධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු අඩු කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙයි. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල්…

රුසියානු තානාපතිවරයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් මහතා පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ…

මත්පැන් හල් වැසෙන දිනයක් ගැන නිවේදනයක්

ලෝක අමාද්‍යප දිනය ඔක්තෝම්බර් 03 වනදාට යෙදී ඇති හෙයින් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍ර ලත් සියලුම සුරාබදු අලෙවිසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙයි. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එදින සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ…

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක් පත් කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා ව පත්කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතාගෙ ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ තනතුරට මෙම පත් කිරීම සිදු කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහි ප්‍රතිඵලයක් ලෙස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමට…

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම් අද සිට

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (01) සිට ආරම්භ කෙරේ. ලබන 8 දා දක්වා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම සිදු කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත්…

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවයේ නිරත 304කට NVQ 3 සහ 4 නිල සහතික පත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික සාත්තු සේවක සේවිකාවන් 304 දෙනෙකු වෙනුවෙන් පැවැති NVQ 3 සහ 4 මට්ටමේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයේ නිල සහතිකපත් ප්‍රදානය ඊශ්‍රායලයේ දී පවත්වා තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සහ…

හිටපු මන්ත්‍රී කුමාරසිරි රත්නායක පැදවූ කැබ් රිය අනතුරක

මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ කැබ් රථය පෙරේදා (29) මොනරාගල – බිබිල මාර්ගයේ නක්කලවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වී ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. හිටපු මන්ත්‍රීවරයා කැබ් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇති අතර, කැබ් රථයට ඇතුළු වූ බඹරා එළවීමට…

දිවි ම‍ෙඟ් සිය වැනි වියට එළඹි හොරණ ලොකුවිතාන ඉස්කෝලෙ හාමිනේ

ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනයද සමරන අද (1) වන විට සිය දිවියේ සිය වැනි ජන්මදිනය ඊයේ (30) සැමරූ මවක පිළිබඳ තොරතුරු අපට නාවලින් අපට වාර්තා විය. හොරණ, රාජකීය මාවතේ පදිංචිව සිටින ‘ලොකුවිතාන ඉස්කෝලෙ හාමිනේ’ නම් වන ඇය මේ…

ටොනාඩෝවකින් විදුහලට හානි-රුපියල් ලක්ෂ 15ක අලාභයක්

හමා ආ විශාල ටොනාඩෝ සුළි සුළඟකින් හලාවත කරුකුපනේ, කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැඟිලි රැසක වහලයට රුපියල් ලක්ෂ 15ක පමණ හානියක් සිදුව ඇතැයි මවුපියෝ පවසති. ඉකුත් 29 දින සවස් කාලයේ හමා ආ මෙම ටොනාඩෝව හේතුවෙන් පාසලේ ඇස්බැස්ටෝස් හා උළු සෙවිලි කර තිබූ…