Category Local News

දූෂණ විරෝධී පස් අවුරුදු සැලැස්මක්- ජනපති යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කරමින් 2025 – 2029 කාලසීමාව සඳහා පස් අවුරුදු නව දූෂණ විරෝධී ජාතික සැලැස්ම සකස් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලු රාජ්‍ය ආයතන…

දෙහිවල සත්තු වත්තට අලුත් යාලුවෙක් එකතු වෙයි

ජාතික සත්ත්ව හුවමාරු වැඩ සටහන් යටතේ පසුගිය පෙබරවාරි මස 10 වනදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ” කැපිටල් සත්වෝද්‍යානයෙන්   දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ මියර් කැටි ජෝඩු හයක් මාසයකට අධික කාලයක් සත්වෝද්‍යානයතුල පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු…

පළාත් පාලන ආයතන තැපැල් ඡන්දයට දින නියම වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබෙයි. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වන දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකරන බව මැතිවරණ කොමිසම…

මෙරට තායිලන්ත තානාපතිවරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳ ව මෙරට තායිලන්ත තානාපතිවරයා…

මෙතෙක් කල් නොවිසඳුණු ගැටලු ගැන කියන්න සරසවි සිසුන්ට ඉඩක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙතෙක් කල් නොවිසඳුණු ශිෂ්‍ය ගැටලු අමන්ත්‍රණය කිරීම සඳහා පැවැත් වූ ශිෂ්‍ය හමු මාලාවක් පසුගිය සති කිහිපය පුරා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සහ වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී…

ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත පුද්ගලයින් 50,000 කට “ටයිපොයිඩ්” එන්නත

සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන් හි නිරත පුද්ගලයින් 50,000 ක් සඳහා “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ විශේෂ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය…

රට විරුවන් ලංකාවට එවන මුදල් ප්‍රමාණය 16.3%කින් ඉහළට

පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව පෙබරවාරි මාසයට අදාළව විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 548.1 කි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ 2024 වසරේ මුල් මාස දෙක තුළ…

බස් රථයක් සහ කුඩා ලොරියක් ගැටී පාසල් සිසුන් 15 කට තුවාල

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය ‍පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර…

දකුණු කොරියාවේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ලැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ද ඔවුන් එරට සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවක…

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක්

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි. කෙසේ නමුත්, ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේ දී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා බරපතළ අනතුරුවලට ලක්ව ඇති බවට පොලීසියට…