Category Local News

ඉන්දීය – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් හමුවෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ. ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය.

ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී  ආරම්භ කෙරිණි. ජාත්‍යන්තර…

පොලිස් මහජන සහන මැදිරිය යළිත් ක්‍රියාත්මක වෙයි

අධිකරණ හා පොලිස්දේශීය පුවත් පොලිස් මහජන සහන මැදිරිය යළිත් ක්‍රියාත්මක වෙයි October 4, 2024 12:49 pm 0 comment පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇත ඒ අනුව…

ගොවිජන සේවා කාර්යාලයේ වහලයෙන් වැටී පුද්ගලයෙක් මරුට

පස්සර මැටිගහතැන්න ගොවිජන සේවා කාර්යාලයේ වහලය පිලිසකර කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරු ඉන් ඇදවැටිමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. එම අනතුරින් මියගොස් ඇත්තේ ඩි.දේවේන්ද්‍ර රාජ් නැමැති ලයිමි අංක 02, තවලම්පැලැස්ස,වෑබැද්ද,මඩොල්සිම යන ලිපිනයේ…

ලාෆ් ගෑස් මිළ ගැන නිවේදනයක්

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස්  මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි.

UNDPනේවාසික නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූවාය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා දැනට ශ්‍රි ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන…

දරුවන්ට මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලීමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි…

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා අද (04) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමු වීමට නියමිත බව සඳහන්. එමෙන්ම මෙම පිරිස විදේශ කටයුතු අමාත්‍යාශයේදී විදේශ…

ගිගුරුම් සහිත වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත…

ජනතාවට තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානයයි-එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක

මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාවට අද තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේග…