Category Local News

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CID විමර්ශන අරම්භ කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරට මේ බව දැනුම්…

කොස්ගම, රබර් වත්තක කාන්තා ඝාතනයක්

කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙන බව කොස්ගම පොලිසිය පවසනවා.  ඇයගේ සිරුර කොස්ගම පොලිසිය විසින් අද (23) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.  මෙම ඝාතනය කොස්ගම, ඉහළ කොස්ගම, පුස්සැල්ලෑව රබර් කර්මාන්තශාලාව අසල දී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.  ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි…

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස හර්ෂණ සූරියප්පෙරුම පත්වෙයි

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පත් වූ අතර ඔහු එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.  මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පසුගියදා එම ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. මීටපෙර මුදල් අමාත්‍යාංශ…

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට නියෝග

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා. ඒ අනුව, නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී ඔහු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් නියෝග…

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට පැමිණෙයි

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් අනතුරට

නුවරඑළියේ සිට නානුඔය දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ත්‍රීරෝද රථයක් අද (23) අනතුරට පත් වී තිබෙනවා.  මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගය අසළදීයි.  ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක්…

බැටරිය සහිත, වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සඳහා ඒකක මිල රුපියල් 45.80 දක්වා ඉහළට

බැටරිය සහිත, වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සඳහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව, මින් පෙර රුපියල් 27 ක් ලෙස පැවති එක් ඒකකයක් සඳහා රුපියල් 45.80ක මුදලක් ගෙවීමට තීරණය කර…

පොල් දෙසතියේ පළමු අදියර ජූලි 14 සිට යාපනයෙන් ආරම්භ කෙරේ

පොල් වගාවට හානි කරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා. ඒ අනුව, එහි පළමු අදියර ලබන මස 14 වැනිදා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර…

ශිරන්තිගේ සිරිලිය ගිණුම බොරු එකක්

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් පව­ත්වා­ගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බ­න්ධ­යෙන් යළි විම­ර්ශන කට­යුතු ආරම්භ කරන බව මහ­ජන ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය. මෙලෙස පවත්වා ගෙන ගිය…