Category Local News

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම අධ්‍යක්ෂ සහ තුල්හිරිය ගුරුවරයා යළි රිමාන්ඩ්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයකුට ලබාදීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා ඊයේ (07) දින යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස…

රනිල්ගේ ආරක්ෂාව ඉවත් කළැයි කීම අමූලික බොරුවක්-X-PSD 08 ආරක්ෂක කොට්ඨාසය තාමත් ක්‍රියාත්මකයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට සිටි සියලුම ආරක්ෂක නිලධාරීන් ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරටේ හිටපු අටවන ජනාධිපතිවරයා හෙයින් ඔහු වෙනුවෙන් එක්ස් පී.එස්.ඩී 08 ලෙස වෙනමම ආරක්ෂක කොට්ඨාසයක් ක්‍රියාත්මක වන බවත් පොලිස්…

බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් වෙන් කිරීමට අවධානය-බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක

ඉදිරි කාලයේදී මෙට ඉදි කෙරෙන බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන් වෙනුවෙන් වෙනම ඉඩකඩ වෙන් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ බන්ධනාගාර පද්ධතිය තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම්…

තරුණ සේවා සභාවේ නව සභාපති නීතිඥ චින්තක දර්ශන

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස නීතිඥ චින්තක දර්ශන හේවාපතිරණ මහතා ඉකුත්දා සුබ මොහොතින් ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සිය තනතුරේ වැඩ භාර ගත්තේය. ජාතික තරුණ සේවා සභාවේ 32 වැනි සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස (43)…

බදුල්ල ශික්ෂණ රෝහල ඉදිරිපිට පදික මාරුව නැවත සලකුණු කරයි

බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ පාර මාරුවීමට සලකුණු කර ඇති සුදු ඉරි මැකී ගොස් කාලයක් ගතවි ඇතත් එම ඉරිවල එහි තීන්ත ආලේප කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට පසුගිය 4 දින දිනමිණ පුවත්පතේ පළවූ පුවතින් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරිය…

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා සාධාරණය පතයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පහරකෑමට ලක් වූ පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවකදී නිකරුණේ තමා අත්අඩංගුවට ගත්තායැයි මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය සාමූහිකය විසින් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී ඊයේ (07) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.…

ජාත්‍යන්තර පාසල් සිසුවිය නෙළුම් කුලුනෙන් පැන මරුට-ඇලවෙන කුලුනෙන් පැන දිවි නසාගත් දරු දෙදෙනාගේ මිතුරියක්

සියදිවි හානි කරගැනීමට පෙර පාසල් බෑගය හා සපත්තු යුගල ගලවා තබා තිබූ අයුරු හා සිරුර රැගෙන එන අන්දම කොළඹ නෙළුම් කුලුනේ නැරඹුම් මහලේ සිට බිමට පැන ඊයේ (07) සියදිවි හානිකරගත් ජාත්‍යන්තර පාසල් සිසුවිය කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67…

නිලන්ත ජයවර්ධන පාස්කු වන්දි නඩුවේ මිලියන 75 ගෙවා දමයි-ප්‍රමාදයට සමාවත් ඉල්ලයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් නියම කළ රුපියල් මිලියන හැත්තෑපහක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීමට තමන් කටයුතු කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය නීතිඥවරයා මඟින් ඊයේ…

සංචාරක-බලශක්ති සුළු කර්මාන්ත දියුණු කිරීමට පූර්ණ සහාය ලබා දෙනවා-ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ ජනපතිට පොරොන්දු වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබා දීමට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා…

බන්ධනාගාර ගතව සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් යළි එරටට

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම් යටතේ පාකිස්තානයට මාරුකර යැවීම ඊයේ (06) සිදු කෙරිණි. මෙම සිරකරුවන් 56 දෙනා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරදඩුවම් ලබමින් සිටින අතර ඔවුන්ගෙන් 05 දෙනකු කාන්තා රැඳවුවන් වේ. සිරකරුවන් හුවමාරු…