Category Local News

දියේ ගිලී මියගිය තරුණයා

ගම්පහ, කෙටවල ඇනිකට් එකේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ඊයේ (03) රාත්‍රී කාලයේ මෙම සිදුවීම සිදුව ඇති අතර දියේ ගිලීමෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ. උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි…

වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මරුට -තවත් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී

අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අද අළුයම් කාලයේදී නිවසක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් 33 හැවිරිදි පොලිස් නිලධාරියෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. ඔහු කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස්…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ…

ග්‍රාම නිල­ධා­රීන් වර්ජ­න­ය­කට යොමු­කර ඡන්ද කල් දාන්න ආණ්ඩුව හදන බවට සජිත්ගේ කතාව ප්‍රති­ක්ෂේප කර­නවා – ශ්‍රී ලංකා රාජ්‍ය නිල­ධාරී වෘත්තීය සමිති සම්මේ­ල­නය

වෘත්තීය ඉල්ලීම් ලබා නොදීම තුළ ග්‍රාම නිල­ධා­රීන් මැති­ව­රණ රාජ­කාරී වර්ජ­න­ය­කට යොමු­කර වර්ත­මාන ආණ්ඩුව ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­රණ නොප­වත්වා සිටී­මට එය හේතු­වක් කර ගත හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා කළ ප්‍රකා­ශය ප්‍රති­ක්ෂේප කරන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිල­ධාරී වෘත්තීය…

මෙරට විදේශ අංශයේ ක්‍රියා­කා­රී­ත්වය ධනා­ත්ම­කයි – ශ්‍රී ලංකා මහ බැංකුව

තර­මක ඉහළ වෙළෙඳ හිඟ­යක් පැව­තිය ද විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ ලැබීම් සහ සංචා­රක ඉපැ­යීම් ඉහළ යෑම සමඟ 2024 වසරේ පළමු භාගයේ දී විදේශ අංශයේ ක්‍රියා­කා­රී­ත්වය ධනා­ත්ම­කව පව­තින බව පෙන්වා­දෙන එම බැංකුව වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය 2024 වසරේ ජූනි මාසයේ දී…

පැරෂුට් සංදර්ශනයක් අතරතුර අනතුරක් – සෙබළුන් දෙදෙනකුට තුවාල

වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලේ පුහුණුව ලැබූ සෙබළුන් විසිර යාමේ උත්සවයේදී ඉදිරිපත්කළ පැරිෂුට් සංදර්ශනය අතරතුරදී අද (03) සෙබළුන් දෙදෙනකු අනතුරකට ලක්ව තිබෙනවා මෙහි එක් පැරිෂුටයක් පතිත කලාපයෙන් පිටත ඇති ගස් සහිත ස්ථානයක වැටී ඇති අතර, අනෙක් පැරිෂුටය වේගයෙන්…

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා මේ අනුව ලබන 6 වැනි දා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි තීරණය ඇත්තේ.…

රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහායත් රනිල්ට

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත පොහොට්ටුවේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) රත්නපුර ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන…

ශ්‍රීලනිපයේ දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශ්වය තීරණය කර තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළා.

IMF තුන්වන සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ආධාර වැඩපිළිවෙළේ 03 වන සමාලෝචනය සිදුකරන කාල සීමාව සම්බන්ධයෙන් වන සාකච්ඡා එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. IMF ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දූත මණ්ඩලයක් ඉකුත් සතියේ ශ්‍රී…