Category Local News

මාධ්‍යවල යන්නේ බොරු ප්‍රචාර – ආරක්‍ෂක ලේකම් කියයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැති බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අවධාරණය කරයි. ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට දී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බවත් කෙසේ…

නුවරඑළිය තැපැල්හල යළි තැපෑලට

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පැවසීය. 150 වැනි ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. නුවරඑළිය තැපැල්…

N සීරිස් වෙනුවට P සීරිස් පාස්පෝට් ඊ පාස්පෝට් තහනම තවදුරටත්

‘N’ සීරිස් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ‘P’ සීරිස් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමට වැඩබලන ආගමන විගමන පාලකවරියට අභියාචනාධිකරණය ඊයේ (09) අවසර ලබා දුන්නේය. නව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමේදී මෙතෙක් ලබාගත් ‘N’ සීරිස් සාමාන්‍ය ගමන්…

අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගයෙන්-ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත්වන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ නාමයෝජනා අත්සන් කිරීමේ…

ජාතික ආර්ථිකයට සරිලන්න තැපැල් සේවය සකස් කළ යුතුයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

නව තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ජාතික ආර්ථිකයට හා සංවර්ධනයට ගැළපෙන අයුරින් තැපැල් සේවය සකස් කළ යුතු බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 150 වැනි ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අරලියගහ මන්දිරයේ දී ඊයේ (09) පැවැත්වුණ අතර එම අවස්ථාවට එක්වෙමින්…

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (09) පස්වරු 4.00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක කාලයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිවේදන ක්‍රියාත්මක කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය,…

ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ආරක්ෂක ලේකම් හමුවෙයි

කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Naoki Kamoshida මහතා අද (09) ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා. ඒ ආරක්ෂක මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී Kamoshida මහතා සමඟ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Yuki Yokohari…

ඊශ්‍රායල් රැකියා සම්බන්ධව පැතිර යන කටකතා පිළිබඳව පැහැදිලි කිරීමක්

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාර්ගගත (Online) ක්‍රමයට ලියාපදිංචි කිරීම් මේ දිනවල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරනු ලබන අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් ලැබී තිබේ. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අදාළ රැකියා අපේක්ෂිතයාගේ ජංගම දුරකථනය වෙත කෙටි…

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ…

ජනපතිට පාප්වහන්සේ සුබ පතයි

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන…