Category Local News

වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ. මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇත. නව අධ්‍යක්ෂ මණ්ඩලය, 1. සරත් ගනේගොඩ (සභාපති)2. බුද්ධික හේවාවසම්3. සුගත්…

එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් අද ශ්‍රී ලංකාවට එයි

ශ්‍රී ලංකා – එක්සත් ජනපද ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් මහතා සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව පසුගිය 2021 න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම…

බාල ඖෂධ ගෙන්වීමට කටයුතු කළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න-විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

පසුගිය කාල සීමාවේදී මෙරට ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියා සහ බාල ඖෂධ ගෙන්වීමට කටයුතු කළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර වගකිව යුතු දේශපාලකයින් සහ නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය…

මෛත්‍රීට අතුරු තහනමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව මඟින් එම පක්ෂය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති, ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට…

විද්‍යාගාර පරීක්ෂණයේදී පාණදුර සිසුවියෝ 7ක් පිලිස්සිලා

පාණදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරයක් තුළ සිදු කළ පරීක්ෂණයකදී පිලිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත්දෙනකු පාණදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 12ත්-13ත් අතර සිසුවියන් පිරිසකි. පිෂ්ටය පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් සිදු කරන අතරතුරදී ඉන් නැඟුණු ගිනි…

වෙළෙඳපොළේ විසකාරක පොල්තෙල් ගැන සැලකිලිමත් වන්න-සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

විසකාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළෙඳපොළේ සුලබව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මේ හේතුවෙන් නිෂ්පාදකයා ගැන සඳහන් ලේබලයක් සහිත පොල්තෙල් මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව සංගමයේ කැඳවුම්කරු…

අනුරපුර ජයන්ති මාවතේ වෙළෙඳසල් ඉවතට-අපි දවසට දෙසීය ගානෙ නගර සභාවට ගෙවනවා

 මේ වැඩේ හරිම අසාධාරණයි – වෙළෙඳුන්ගෙන් මැසිවිලි ගෙදර ඇඳවල් දෙක ගෙනැත් එකතු කරලයි එළවළු දාන්නේ… ඇයි අපට මෙහෙම කරන්නේ? අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි,අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පසු අස්වනු තාක්ෂණ ආයතනය ආසන්නයේ මාර්ගය අසල වෙළෙඳාමේ නිරත…

ඉන්දියානු නි. මහකොමසාරිස්වරිය මල්වතු මහනාහිමි බැහැදකී

මහනුවර පිහිටි ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සරණ්‍යා වී. එස්. මහත්මිය පත්කර තිබේ. ඇය වසර තුනක කාලයක් මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් ධුරයේ කටයුතු කිරීමට නියමිතය. වැඩ භාරගැනීමෙන් පසු අනතුරුව පෙරේදා (08) මල්වතු මහා විහාරයට ගොස් එම…

වීසා නැතිව රැඳී සිටි චීන ජාතිකයෝ 20ක් ලැගුම්හලකදී අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳී සිටිමින් අයථා ලෙස අන්තර්ජාලය හරහා මුදල් ඉපයූ බවට සැක කරන චීන ජාතිකයන් 20ක් පානදුර උතුර ගොරකාන ධම්මානන්ද මාවතේ ලැගුම්හලක සිටියදී අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලිසිය සමත් වී ඇත. වැටලීමත් සමඟම එම ස්ථානයේ සිටි තවත් චීන ජාතිකයන් 18ක්…