Category Local News

මහ ඡන්දය නිරීක්ෂණයට රටවල් අටක නිරීක්ෂකයන්ට ඇරයුම්

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08ක නිරීක්ෂකයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. සාක් කලාපීය රටවල් සහ රුසියාවෙන් එම නිරීක්ෂකයන් මෙරටට පැමිණෙන බව එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය. මීට අමතරව මහමැතිවරණ කටයුතු නිරීක්ෂණය…

ශානි යළි පොලිස් සේවයට කැඳවයි

ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වූ විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ශ්‍රී ලංකා පොලිසියට බඳවාගෙන තිබේ. ජාතික පොලිස් කොමිසම ඊයේ(10) රැස්වීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම අනාවරණය කෙළේය. ශානි අබේසේකර මහතා…

විජේවීරගේ පුතා කුරුණෑගලින් මැතිවරණයට

දෙවැනි පරපුර පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා පත‍්‍ර භාර දීමට කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උවිඳු විදුර විජේවීර මහතා ඇතුළු පිරිසක් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට ඊයේ (10) පැමිණි අයුරු

අනුප පැස්කුවල්ගේ බැංකු ගිණුම් 2ක් තහනම්

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් 2ක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් කොළඹ මහාධිකරණය ඊයේ (10) නිකුත් කළේය. දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය…

රාජ්‍ය ලාංඡනය යෙදූ රථයක් හෝමාගම රෝහල් පරිශ්‍රයේ දමා පැනගිහින්

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අතහැරදමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වේ. මෙම කැබ් රථය ඉකුත් සිකුරාදා සිට එම ස්ථානයේ තිබුණු බවද වාර්තා වේ. රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළුවීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සඳහා…

ආරක්ෂක ක්ෂේත්‍රයේදී පාකිස්තාන සහය දිගටම

ආරක්ෂක ක්ෂේත්‍රයේදී පාකිස්තානයේ සහය නොමඳව ශ්‍රී ලංකාවට හිමි වන බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේදී සහතික වූයේය. මේ අදහස් පළ වූයේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem…

වැස්ස වැඩි වෙයි-රතු නිවේදනත් නිකුත් කරයි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම වැසි තත්ත්වය 13…

නෙළුම් කුලුනේ ආරක්ෂාව වැඩි කරයි

සියදිවි හානිකර ගැනීම සහ වෙනත් විනාශකාරී කටයුතු මැඬපැවැත්වීම සඳහා නූතන තාක්ෂණික උපකරණ යොදා අවශ්‍ය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට කොළඹ, නෙළුම් කුලුන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. නෙළුම් කුලුනෙන් පැන සිසුවියක් සියදිවි හානිකර ගැනීම සම්බන්ධව ඊයේ (10) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නෙළුම්…

බංග්ලාදේශයෙන් ජනපතිට සුභාශිංසන

වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කරගැනීම සඳහා කටයුතු කරන බව ජනාධිපතිවරයා සහ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා අදහස් හුවමාරු කරගනිමින් සහතික වූහ. මේ බව සාකච්ඡා කෙරුණේ ශ්‍රී…

පොහොරවලින් වංචා කළ සමාගම් 13ක ගිණුම් වාර්තා කැඳවයි

සහනාධාර ලෙස ලබාදීම සඳහා රජයේ අනුමැතිය ඇතිව මෙරටට ආනයනය කරන ලද පොහොර ගොවීන්ට ලබානොදී වසර 6ක කාලයක් තිස්සේ කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්ත සඳහා වැඩි මිලට විකුණා කෝටි ගණන් මුදල් ඉපැයූ බව කියන සිද්ධියට අදාළ පොහොර සමාගම් දහතුනක බැංකු ගිණුම් වාර්තා…