Category Local News

මැතිවරණය නියමිත දිනයට පැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා – ජනපති

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී  කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා…

කතරගම පාද යාත්‍රාවට යුද හමුදා සහාය මෙවරත්

හින්දු භක්තියන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන කතරගම දෙවියන් පිදිමේ පාද යාත්‍රාව කුමන ජාතික වන උද්‍යානයේ ඔකඳ දේවාලය අසලින් පසුගියදා ආරම්භ විය. මෙම පාද යාත්‍රාව කිලෝමිටර් 79ක් පමණ කුමන හා යාල ජාතික වන උද්‍යානය හරහා ගොස් කතරගම දේවාලය දක්වා ගමන් කරනු…

ගසාගෙන ආ ලී කොටයක් වැදීම නිසා මුහුදේ දියනාමින් සිටි තරුණයා මරුට

පානදුර මුහුදේ දියනාමින් සිටී පුද්ගලයකු ගසාගෙන ආ ලී කොටයක ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය , ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී හෙවන හැන්නැදිගේ අශාන් දේවින්ද නමැති 27 හැවිරිදි  පුද්ගලයෙකි.…

ඡන්දය කල්දාන්න ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදනවා – චන්දිම

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඇති අවසන් දින 14 තුළද ඡන්දය කල් දමා ගැනීම සඳහා ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පත් කළේ වසර 5 කට බවත්, ඔහු පැනයාමෙන් හිස්…

මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වෙයි

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. 

අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන්ගේ මැතිතුමාගේ දේහය අද පාර්ලිමේන්තුවට

හිටපු විපක්ෂ නායකවරයෙකු වූ, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහුගේ දේහය අද පස්වරු 02.00 සිට 04.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත්…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති 25ක් සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති විසි පහක් සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 02) ප්‍රකාශ කළේය. එක් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන්…

ජනපති ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත ඊයේ (02) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී…

තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වී තිබෙනවා. ඒ අනුව තරුෂි මීටර් 800 ඉසව්ව සහ නදීෂා දිල්හානි හෙල්ල විසිකිරීම යන තරග අංශ සඳහා ඉදිරිපත්වීමට නියමිතයි.

මහනුවර අධිකරණයේ බෝම්බ ඇති බවට බොරු ඇමතුම ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද (02) දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ…