Category Local News

අතුරුදන් වූ ඊශ්‍රායල සංචාරකයා සල්ලිකෝවිල් ප්‍රදේශයෙන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී බදාදා (26) අතුරුදන් වූ 25 හැවිරිදි ඊශ්‍රායල ජාතික Tamar Amitai නමැති සංචාරකයා සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.ජුනි 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අමිතායි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තනිවම ගමන් කරමින් සිටියා. ඇය අන්තර්ජාලයෙන් කාමරයක් වෙන්කරගෙන ත්‍රිකුණාමලයේ…

මූල්‍ය වංචා කළ චීන්නු පිරිසකුත් මීගමුවෙන් අල්ලයි.

චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට…

කඳ සුරිඳු පිදුමට පළමු වරට වතුකරයෙන් පාගමන් අරඹයි.

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයට සහභාගි වීම සඳහා වතුකරයෙන් පාගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඉකුත් 26 වැනිදා පස්වරුවේ නල්ලතන්නිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළේය. හතළිස් දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට කාන්තාවෝ 10 දෙනෙකු සිටින අතර, පළමු කණ්ඩායම 16 වන වරටත්…

මහාධිකරණයට සහ විනිසුරුවරුන්ට සමාජ මාධ්‍යයෙන් වීඩියෝවක් මුදාහැර අපහාස කළ අජිත් ධර්මපාල ගැන වාර්තාවක් දෙන්න –  කොටුව මහේස්ත්‍රාත්.

මහාධිකරණයට සහ විනිසුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් අපහාස කිරීමේ සිද්ධියට අදාළව දැනට එංගලන්තයේ පදිංචිව සිටින අජිත් ධර්මපාල යන අය එම නමින්ම එංගලන්තයට ගොස් තිබේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර…

මුලින්ම IMF ගියානම් රට බංකොලොත් වෙන්නේ නෑ – හර්ෂ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. එවැනි දෙයක් සමගි ජන බලවේගය කියා…

ඇහැළියගොඩ නාය යෑමෙන් නිවාස අටක් යට වෙයි

– පවුල් 48ක් පාසලක රඳවයි– පස් ගැටහැති ඔයට වැටී ගංවතුර අවදානමක් ඇහැළියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ ඊයේ (27) දහවල් සිදුවූ විශාල නාය යෑමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. මෙම නාය යෑම සිදුවූ ප්‍රදේශයේ උදෑසන සිටම…

ජනපති පාලනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අවශ්‍යතාවක් නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් අත්හිටුවීමට හෝ ජනාධිපතිවරයා පාලනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා සහ දිලීස් නවාස් යන මහත්වරු ඊයේ (27) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළහ. අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති සෙසු විනිසුරු ධුර සඳහා…

බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩයක්

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 ජනවාරි මස 01 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා කාලපරිච්ඡේදය තුළ මූල්‍ය ආයතන සඳහා පරිපාලන දණ්ඩන පැනවීම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙකකට දඩ නියම කර තිබෙනවා. ඒ අනුව…

නීති ශිෂ්‍ය සංගමයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්

“නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ” යන මැයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිපත්ති පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩසටහන හෙට (28) පෙරවරු 10.30 සිට නීති විද්‍යාල ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට…

ඉන්දීය අනවසර යාත්‍රාව අල්ලන කලහයෙදී යාත්‍රා දෙක අතර සිරවී මියගිය අපේ නාවිකයා

මෙරට මුහුදු සීමාවෙහි අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ සිද්ධියක් නිසා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණයේ නිලධාරියෙක් මියගොස් තිබේ. ඊයේ (25දා) අලුයම් කාලයේ යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින්…