Category Local News

ප්‍රතිපත්ති ප්‍රකාශනවල සමහර කාරණා දැක්කාම ඔවුන් මේ රටේ ජීවත් වූ අයද යන්නත් ගැටලුවක්!-එජාප පාණදුර සංවිධායක, හිටපු ඇමැති නන්දන ගුණතිලක

අයිසින් දැමූ කේක් කෑලි කිහිපයක් බෙදා දෙනවා මෙන් බෙදා දෙන ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබෙන සමහර කාරණා දුටු විට ඔවුන් මේ රටේ ජීවත් වූ අයද යනුවෙන් ගැටලුවක් මතු වන බව එක්සත් ජාතික පක්ෂයේ පාණදුර ආසන සංවිධායක හිටපු ඇමැති නන්දන ගුණතිලක මහතා ප්‍රකාශ…

නාමල්ගේ හෙට්ටිපොළ රැස්වීම අමතද්දී මන්ත්‍රී නාලක කෝට්ටගොඩට මරණ තර්ජන කරළා

ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මාතලේ හෙට්ටිපොළ නගරයේදී පැවති ජන රැලිය අමතමින් සිටි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටගොඩ මහතාට කිසියම් පිරිසක් විසින් මරණ තර්ජනය කළ බවට පෙරේදා (09) පැමිණිල්ලක් ලැබී ඇතැයි විල්ගමුව පොලිසිය පවසයි. ශ්‍රී ලංකා…

වීදාගම පොහොට්ටු කාර්යාලයට ගිනි තියලා

බණ්ඩාරගම හොරණ මාර්ගයේ වීදාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයකට ඊයේ අලුයම ගිනි තබා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. එම ගිනි තැබීමෙන් මෙවර ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අඩි හයක පමණ උසින් යුත් පෝස්ටර් දෙකකට සම්පූර්ණයෙන්…

පාණදුර වෙරළට බෙලිඇණයෝ තොගයක්

බෙලිඇණයා (Barnacle) නමින් හඳුන්වනු ලබන මුහුදු ජීවීන් විශාල පිරිසක් පාණදුර මුහුදු වෙරළට ඊයේ (10) ගොඩගසා තිබුණේ මෙලෙසිනි. එසේ ගොඩට පැමිණි මුහුදු ජීවීන් ලී කොට කිහිපයක රැඳී සිටි අතර, වෙරළට පැමිණෙන පිරිස් ඔවුන් දැකබලාගැනීමට රැස්ව සිටියහ. Anatifera නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු…

හයිලන්ඩ් කිරිපිටි මිල පහළට

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඒ අනුව දැනට වෙළෙඳපොළේ රුපියල් 1125කට අලෙවි කරන…

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ස්ථිරයි කැබිනට් අනුමැතියත් ලැබී අවසන්

2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී නැති බවට පළවන වාර්තා සාවද්‍ය බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා…

සජිත්ට හෝ අනුරට බලය ලැබුණොත් 2025 අයවැය අවුල් වෙනවා-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

රටක් ආණ්ඩුකරණය පිළිබඳ අත්දැකීම් රහිත අපේක්ෂකයන් දෙදෙනකු වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා තමන් මෙවර ජනාධිපතිවරණය ජය ගත හොත් එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මැතිවරණ ප්‍රචාරණය අතරතුරදී ප්‍රකාශ කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය…

මාලිමාව දෙන පොරොන්දු ඉටු කරන්න ගියොත් වසරකට රුපියල් කෝටි හාර ලක්ෂයක් රටට අහිමි වනවා-හඟුරන්කෙත-නාවලපිටිය-දෙහිඕවිට-ගම්පොළ ජන රැලි අමතමින් ජනපති කියයි

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න ගිය හොත් වාර්ෂිකව රුපියල් කෝටි හාර ලක්ෂයක් හෙවත් රුපියල් බිලියන හාරදහසක් රටට අහිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (9) පැවසීය. ඔහු මේ බව කියා සිටියේ හඟුරන්කෙත, නාවලපිටිය, දෙහිඕවිට සහ ගම්පොළ ප්‍රදේශවල සංවිධානය කර…

බොරු සටන් පාඨ දේශපාලනය ඉදිරියට ඒ්මෙන් අපට වඩා පසුපසින් සිටි රටවල් ඉදිරියට ආවා- #AskRanil තරුණ හමුවේදී ජනපති කියයි

Gen Z පරපුර සමාජයට ඇතුළු කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට තරුණයන් පත් කිරීම තම අරමුණ බවත්, එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ට ම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…

රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ධුරවලින් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ඉවත්කර තිබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට මීට ප්‍රකාශ කර තිබුණද ඊයේ (10) සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා එක්වූ…