Category Local News

බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු හෙට සිට අඩුවෙයි

බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බවයි ඔවුන් සඳහන්…

විවේචන වලින් පසු ‘වසන්ත නාටක එපැයි’ පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශන වලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි. මෙයට ආසන්න හේතුව වූයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා…

වෙඩිතැබීම​ට සම්බන්ධ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහැරීම පිළිබඳව පොලිස් නිලධාරීන්ට විමර්ශනයක්

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණ​ය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා එම වාර්තාව…

කොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය නිවසට විදුලිය හොරෙන් ගත්තැයි අත්හිටුවයි

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් ධූරය දැරූ සමයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදී…

මන්නාරම රදගුරුට තර්ජනය කරලා, චිරන්ත අමරසිංහට නොතිසි.

සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට ලබන 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල්…

වනඅලි පහරදීමක් යැයි පවසා ඝාතනයක් සැඟවීමට උත්සාහ කරලා

පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වේ. මහියංගනය පොලිස් වසමේ කිරලමුල්ල ප්‍රදේශයේ වනඅලියෙකු පහරදිමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසියට ජූලි 07 වැනිදා ලැබුණු පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. පසුව අනාවරණය වී ඇත්තේ, එය වනඅලි ප්‍රහාරයකින් සිදුවූ…

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් සිය වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන…

වාහන වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරනවා – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

වර්තමානයේ ආරම්භ කර තිබෙන වැඩවර්ජන සැබෑ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන අවශ්‍යතා මත සිදු වන්නක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. එසේම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි…

ඔලිම්පික් ධාවන ශුරී සුසන්තිකාගේ මව අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා ඔලිම්පික් ශූර ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙයි මියයන විට ඇයගේ වයස අවුරුදු 81 පසුවිය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වැඩිදුරටත් සඳහන් වෙයි

ඉන්දීය ධීවරයින් පිරිසක් මෙරට මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට.

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (11) අළුයම් කාලයේදී ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික…