Category Local News

විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කෙරේ

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.…

අවුරුදු 76කට පස්සේ අපි පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදමු – අනුර

වසර 76 කට පසු පොදු ජනතාවගේ ආණ්ඩුවක් සෑදීම සඳහා තමන් සමඟ එක්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආරාධනා කරනවා. ජනතාවගේම සහෝදර සහෝදරියන් නියෝජනය කරන ආණ්ඩුවක්, ජනතාවට ජනතාව​ගේයැයි දැනෙන ආණ්ඩුවක්, ජනතාවට නෑදෑකම දැනෙන ආණ්ඩුවක් සාදා ගැනීමට එක්වන ලෙසයි…

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා ගන්නවා – සාගර කාරියවසම්

2024 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ අනුව දේශපාලන මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගන්නා බවයි පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ. 

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 – ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු 15 වනදා නාමයෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. එසේම සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්. 

අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි…

අහිතකර දුම් පිටවන වාහන 93ක් අසාදු ලේඛණගත කෙරේ

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛණගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛනගත කර ඇති බවයි එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කළේ. යම් වාහනයක් අහිතකර…

කෙහෙළිය රඹුක්වැල්ල අගෝස්තු 08 දක්වා යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ. නියෝග කර තිබෙනවා. ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අද යළි කඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීම ආරම්භ වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීම මේ වන විට ආරම්භවී තිබෙනවා. ඒ අනුව ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

වෛද්‍ය කපිල වික්‍රමනායක ඇපමත මුදා හැරීමට නියෝග කෙරේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (25) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබෙනවා. වෛද්‍ය කපිල වික්‍රමනායක විසින්…

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස ඔහු සෑම ශ්‍රී…