Category Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉරානයේ සහ ලෝකයේ ඇති විය හැකි තත්ත්වයන්ගෙන් එල්ල වන බලපෑම්වලට මුහුණදෙන්න ජනපතිගෙන් කමිටු තුනක්

ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටු 03ක් පත් කර තිබෙනවා. ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි…

ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන කටයුතුවල සත්වැනි වටය ඊයේ(30) ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේදී සාර්ථකව අවසන් විය. මෙම උපදේශන කටයුතු වසර තුනකට වැඩි කාල පරතරයකට පසුව පවත්වනු ලැබූ අතර, එහි සයවැනි වටය 2020 දෙසැම්බර් මාසයේදී මාර්ගගත ක්‍රමය…

ජනාධිපතිවරණයේදී ප්‍රසන්නගේ සහය කාටද? – මහින්දට ලිපියකින් දන්වයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ප්‍රසන්න රණතුංග මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියකින් දැනුම්දී තිබෙනවා ඒ අනුව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය පක්ෂය ගැන සිතා…

ජනපතිගේ සහයට තවත් 116 ක් එකතු වන බව තහවුරු කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට අද (31) රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු  මහජන නියෝජිතයන්  116 ක්  සඵත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දුම්රිය ආසන වෙන් කිරීමේ වේලාව වෙනස් කෙරේ

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට ආසන වෙන් කිරීමේ කටයුතු උදෑසන 10 ට ආරම්භ කෙරෙන බව සඳහන්. කෙසේ වෙතත් එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්‍රී 7ට…

T 56 ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ටී 56 අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී 56 අවි දෙකක් ‍, මැගසින් දෙකක්‍, පතොරම් 60ක් ‍, දුරදක්න 01ක්‍ සහ කඩුවක්…

TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ ලෙඩ වෙයි

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ වන විට පුද්ගලයන් 57 ක් පමණ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. 60 දෙනෙකුට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ගත් අලුත්ම තීරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල…

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු පිළිබඳව අධ්‍යයනය කර ඒවා විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙහිදී එම කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද…