Category Local News

මැදපෙරදිග ගැටුම් වර්ධනය වුණොත් ලාංකිකයන් ගෙන්වන්න සියල්ල සූදානම්

යුධ තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින විදෙස් ප්‍රේෂණ ලැබීම ඇනහිටිනු ඇතිබවත්, එමගින් ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇතිබව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කළේය. ඔහු…

වන ගහනය 30% ක සීමාවේ පවතින ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ  පවත්වාගෙන යන  ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව  පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ …

ඉන්දියාවේ සබ්මැරීනයක් ලංකාවට ආවේ ඇයි?

ඉන්දීය නාවික හමුදාවට අයත් ශල්කි සබ්මැරීනය සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ සමග 40 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ද පැමිණ ඇති අතර එම සබ්මැරීනය මීටර් 64.4ක දිගකින් යුක්ත වන බවයි නාවික හමුදාව සඳහන් කළේ. ශල්කි සබ්මැරීනයේ අණදෙන නිලධාරීවරයා වශයෙන්…

රජයේ සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් ගැසට්ටුවක්

2025 වසරට අදාළ වන රජයේ නිවාඩු සහ බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ඒ අනුව ලබන වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු 26ක් යෙදී ඇති බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල කණ්ඩායමක් ජූලි 25 වනදා සිට අගෝස්තු 2…

බස් – ලොරි අනතුරකින් පස්දෙනෙකු රෝහල් ගතකෙ​රේ

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ​ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා. නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි…

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙති

හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසුවිය.

ආනන්දේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයන්ට නායකත්ව වැඩසටහනක්

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් සංවිධානය කෙරුණු නායකත්ව වැඩසටහනක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ආදී ආනන්දීය 2004 කණ්ඩායම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි. මේ අවස්ථාව සඳහා…

හිස මතට පොල් ගෙඩියක් වැටී සිඟිත්තියක් මරුට

මාවනැල්ල නගරය ආසන්නයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලැබූ දැරියකගේ හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් එම දැරිය මිය ගොස් තිබෙනවා පොලිසිය පැවසුවේ දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි මියගිය දැරිය වයස…

රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බදුල්ල , අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර…