Category Local News

ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකුට මාංචු

තිස්සමහාරාම පොලිසිය විසින් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් ගජමුතු දෙකක් සමඟ සැකකරුවෙකු ඉකුත් 04 වැනිදා තිස්සමහාරාම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි.එම්. කුඩා ගොඩගේ මහතාගේ උපදෙස් මත අත්අඩංගුවට…

ගොඩගම පාසල් ගුරුවරියක් නිවසේදී ගෙල වැලලාගෙන

හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන පාසල් ගුරුවරියක සිය නි‍ෙවසේ කාමරයක ගෙල වැලලාගෙන සිටියදී බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම, ගොඩගම පදිංචිකාරියක වන හෙනරත් ආරච්චිලාගේ බුද්ධිකා රංගනී යසරත්න…

අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන් -අධ්‍යාපන අමාත්‍යාංශය

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු…

සීෂෙල්ස් මුහුදේ අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් මුදා ගැනේ

සීෂෙල්ස් රාජ්‍යය ආසන්න මුහුදු ප්‍රදේශයේදී අනතුරකට ලක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනා මුදාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් එරට වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇති අතර අදාළ ධීවරයින් පිරිස වික්ටෝරියා වරායට රැගෙන විත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන්…

අතුරුදන්ව සිටි දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි

දින දෙකක කාලයක සිට අතුරුදන්ව සිටි බවට වාර්තා වූ දුම්රිය සේවකයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඒ, දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ළිඳක් තුළ තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම සේවකයා 49 හැවිරිදි වියේ පසුවුණා.

2040 දී ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට කැපවෙනවා

පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව…

මැතිවරණ පැමිණිලි 99 ක් වාර්තා වෙයි

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කරන්නේ, ජුලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවයි.

පොහොට්ටුවෙන් ධම්මික ආවොත් වෙන දේ මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව රත්නපුර, පොළොන්නරුව හා…

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහයත් සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබෙනවා. මනෝ ගනේෂන්, පී. දිගම්බරන්, වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු එම පෙරමුණේ නායකයින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මීට සුළු වේලාවකට පෙර මේ බව ප්‍රකාශ කළ…

බංග්ලාදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කෙරේ

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාවයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ පීඩාවට පත්වූ සියලුදෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශ ජනතාව සමග හදවතින් බැඳී සිටින බවත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සමග පවතින මිත්‍රත්වය අගය…