Category Local News

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි: අගමැති – හරිනි අමරසූරිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දී ඇති බව සඳහන්. මීට අමතරව ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.

මැතිසබය අද මධ්‍යම රාත්‍රියේදී විසුරුවයි?

පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය බොහෝ දුරට අද (24) මධ්‍යම රාත්‍රී 12 ට පෙර නිකුත් කෙරෙණු ඇති බව සඳහන්.

නව රජයේ අගමැති හා කැබිනට් මණ්ඩලය අද පත්කරන ලකුණු

නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම අද (24) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අගමැතිණිය ලෙස පත්වීමට නියමිත බව සඳහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද නව කැබිනට් මණ්ඩලයට පත්කිරීමට නියමිත අතර ඒ…

අගරදගුරු හමුවූ නව ජනපති

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා අගරදගුරු හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බව සඳහන්. එහිදී කාදිනල්…

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි ව්‍යවස්ථාව සහ 157 අ ව්‍යවස්ථාවේ (7) වැනි…

කොටස් වෙළෙඳපළ ඉහළ යයි

ජනාධිපතිවරණයෙන් දිනකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) දිනයේ ඉහළ යාමක් වාර්තා කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (23) දිනයේ ඉහළ යන විට සියලුම කොටස මිල දර්ශකය ඒකක 130.30 කින් ඉහළ ගොස් ඒකක 11,096.81 ක් සටහන්…

අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී…

ජනපතිගේ පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල

ජාතික ජන බලවේගයේ ජාතික බුද්ධි මණ්ඩපයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කර තිබේ. ආනන්ද විජේපාල මහතා දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත. 2015 දී යහපාලන…

ජනපති දළදා සමිඳුන් වැඳ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු අනුර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අබියසට පැමිණි ජනපතිවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගෙන දළදා මාලිගාව වෙතට කැඳවාගෙන…

නව ආරක්ෂක ලේකම් වැඩ භාර ගනී

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (23) පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී සිය පත්වීමට අදාළ රාජකාරින් නිල වශයෙන්…