Category Local News

වාලම්පුරියක් සමඟ සැකකරුවෙකු පොලිස් රැහැනට

දිවුලපිටිය නගරයේදී වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලීසිය සමත්වී තිබෙනවා. රුපියල් ලක්ෂ 13ක මුදලකට එම වාලම්පුරිය අළෙවි කිරීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක්…

අදත් තරමක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ජනපතිවරණයට ඇප තැන්පත් කළ ගණන 36 දක්වා ඉහළට

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ පිරිස 36 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එමෙන්ම ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා…

රනිල්ගේ සහයට ආ රාජිත

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව රාජිත සේනාරත්න මහතා විසින් දැනුම්දී…

කෝටි හතරක රන් බිස්කට් කටුනායකින් කොටුවෙයි

රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 16 ක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු  අද (13) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ . අත්අඩංගුවට ගත් පුද්ගලයා…

ගෙවුණු පැය 24 ට මැතිවරණ පැමිණිලි 29 ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරයි. ඒ අනුව ගෙවුණු පැය 24 ක කාලය තුළ පැමිණිලි 29 ක් වාර්තා වී ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු…

STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවයි ශ්‍රී ලංකා විදුලි…

ජල ගාස්තු අඩු වෙන හැටි

දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය ජූලි 16 වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර…

නාමල් සෙවනට ගිය ප්‍රේමලාල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා යළිත් නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඔහු අද (13) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට පැමිණ…

ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් ආනයනයට අනුමැතිය

ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ…