Category Local News

අමෙරිකානු තානාපතිනිය කිරිවෙහෙරට…

කතරගම පුදබිමට පැමිණි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චෑංග් මහත්මිය පෙරේදා (15) සවස කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදැක ආශීර්වාද ගැනීමට කටයුතු කළාය. ඉන් අනතුරුව තානාපතිනිය ඇතුළු පිරිස කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වැඳ ආශීර්වාද…

ජනපති රනිල් දිනවන්න පක්ෂ සන්ධාන 34ක් ‘පුළුවන් ශ්‍රී ලංකා’ සම්මුතියට අත්සන් තබයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් පක්ෂ හා සන්ධාන 34ක් එක්ව ‘පුළුවන් ශ්‍රී ලංකා’ සම්මුතියට බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පක්ෂ හා සන්ධාන…

ජනතාවට අසීමිත බරක් පටවා තිබෙන IMF කොන්දේසි ලිහිල් කර ගන්න සාකච්ඡා කරනවා -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාව මත අසීමිත බරක් පටවා තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ලිහිල් කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමෙන් පසු ඊයේ (16) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට මහනුවරට පැමිණි…

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයේදී බලාපොරොත්තුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනය පහතින්

නාමල් රාජපක්ෂ අනුරාධපුරේ යයි

නාම යෝජනා භාර දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පිරිසක් අද  (16)   ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.…

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – රථ වාහන ගමනාගමනයට බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙයි මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙන බවයි වාර්තා වෙයි. අනතුර නිසා මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කිරීමට පොලීසිය පියවර…

උඩින් ඔළු කොච්චර එකතු වුණත්, ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය එක්ක – අනුර

ඉහළින් කෙතරම් ඔළු ගෙඩි එකතු වුවද ජනතාව සිටින්නේ ජාතික ජන බලවේගය සමඟ බව එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. අත්හදා බැලීම් කෙසේ වෙතත්, වෙනසක් සිදුකළ යුතු කාලය එළඹී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. ජනාධිපති…

පක්ෂයේ ස්ථාවරය නියම වෙලාවට ප්‍රකාශ කරනවා -එම්. ඒ. සුමන්තිරන්

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ ස්ථාවරය නියම වේලාවට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (16) කිලිනොච්චියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. තවද පසුගිය ජනාධිපතිවරණ කිහිපයේදීම තම පක්ෂයේ ස්ථාවරය මැතිවරණවලට පෙර ප්‍රකාශ කළ…

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් සඳහා රජයෙන් සහනයක්

සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයින්ගේ සුබසාධනය සඳහා රජය විසින් නිවාස ගොඩනැගීමේ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව නිවසක් ඉදිකර ගැනීමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත් අවශ්‍යකරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබාදීමට රජය තීන්දු කොට ඇති බව සඳහන්.…

අසත්‍ය ප්‍රචාරයක් ගැන සජබයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසනවා. සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…