Category Local News

කුකුළේ ගඟ වාන් දමයි

කුකුළේ ගඟ ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගගෙහි ඉහළ ධාරා ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් ලැබීමත් සමඟ මෙලෙස වාන් මට්ටමට පැමිණ තිබෙයි. එමෙන්ම වාරි මාර්ග ඉංජිනේරු ජී.…

අනුර කුමාර දිසානායකගේ මංගල මහ රැලිය අද දකුණු පළාතේදී

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල මහ රැලිය අද (17) දකුණු පළාතෙන් ආරම්භ වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ​ඒ අනුව අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද සවස 2ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.

අයහපත් කාලගුණයෙන් ගංවතුර අවධානමක්

කළු ගඟෙහි උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ…

තෙවැනි පාසල් වාරය ඇරඹෙන දිනය මෙන්න

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, යක්කමුල්ල, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මතුගම, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර…

වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ 3 පනී -විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ

වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ තුනක් වන බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසීය. සුනඛ සපාකෑම්වලට ලක්වන පුද්ගලයන්ගෙන් ලක්ෂයකට පමණ එන්නත් ලබාදීමට සිදු වන බවත් 2022 වර්ෂයේදී සුනඛ සපාකෑම්වලට ලබාදුන් එන්නත්වලට පමණක් රුපියල් මිලියන 225ක් වැය…

බලශක්ති ක්ෂේත්‍රය පුරා පැතිර ඇති කළු පැල්ලම් මකා දමන බවට සහතික වෙනවා – අනුර

බලශක්ති ක්ෂේත්‍රය පුරා පැතිර ඇති කළු පැල්ලම් මකා දමන බවට සහතික වෙන බව ජාතික ජන බලවේගයේ නා​යක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. විදුලි ජනන කාර්යයේදී දේශීය මෙන්ම විදේශීය අයෝජකයින්ගේ ආයෝජන ලබා ගැනීමට එකඟ බවත්, බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය විසදීමේ විද්‍යාත්මක…

වෙළෙඳසැල් හිමිකරුගේ පහරදීමෙන් සේවකයා මරුට

වැල්ලවත්ත ප්‍රදේශයේ ඔචාර්ඩ් වෙළෙඳ සංකීර්ණය අසළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ ජම්පටා වීදිය. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අපරාධය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සේවය කළ වෙළෙඳ සැලෙහි හිමිකරු අතර ඇතිවූ පුද්ගලික…

නාමයෝජනා භාර දීමේ රාජකාරියට බාධා කළ රුහුණ ජනතා පක්ෂයේ චතුරංගට මුදල් සහ ශරීර ඇප

මැතිවරණ මහලේකම් කාර්යාලයේ නාමයෝජනා භාරදීමේ රාජකාරියට බාධා කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් රුහුණ ජනතා පක්ෂයේ සාමාජික චතුරංග රන්දිමල් ගමගේ යන අය රුපියල් 7500ක මුදල් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (16)…