Category Local News

රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත නාමල්ගෙන් ඉවත් වී රනිල් ළඟට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා තම තීරණය වෙනස් කර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය…

නාමල්ගේ මංගල රැලිය අද අනුරපුරේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන මංගල ජන රැලිය අනුරාධපුරයේදී අද (21) පැවැත්වේ. අනුරාධපුර, කඩපනහ ප්‍රදේශයේදී පස්වරු 2.00ට ආරම්භ වන මෙම ජන රැලිය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙන අතර ශ්‍රී ලංකා…

මහනුවර පෙරහර අවසන් කිරීමේ සංදේශය ජනපතිට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී…

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතුයි -සරත් ෆොන්සේකා

ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බවත් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසනවා. දූෂිත දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵල හේතුවෙන් මේ වන විට…

මුදල් ආරවුලකට නැන්දණිය මැරූ නරුම බෑනා

ගලපිටමඩ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 55ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්. මුදල් ආරවුලක් හේතුවෙන් සැකකරු, බිරිඳ හා බිරිඳගේ මව අතර බහින් බස්වීමක් සිදු කරගෙන ඇති…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද…

ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදයට ලැබුණු ඇරයුම පිළිගත් දිලිත්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 6 දෙනෙකු අතර පැවැත්වීමට නියමිත විවාදයට සහභාගි වන ලෙස මාර්තු 12 ව්‍යාපාරය විසින් කරන ලද ආරාධනය නිල වශයෙන් පිළිගත් බව ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා. ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක…

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවකට විසඳුම්

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කලක සිට පවතින වෘත්තීය ගැටලුවක් විසඳීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3027 දෙනකුට බලපෑ ගැටලුවකට මෙලෙස…

තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ අය

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589 දෙනෙකු තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ. ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා 712,321 දෙනෙකු සුදුසුකම්…

දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.