Category Local News

සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඔහු මේ බව කියා සිටියේ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද…

මහ බැංකු අධිපති ධුරයේ විශ්‍රාම වැටුප අහෝසියි

මහබැංකු අධිපති ලෙස පත් කර ඇති පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන විශ්‍රාම වැටුප අහෝසි කරමින් ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එය පසුගිය සැප්තැම්බර් 11 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි ඊට අදාළ ගැසට්…

නාමල් කුරුණෑගලින් තරග කරන බව පුවත අසත්‍යයි

ඉදිරි මහ මැතිවරණයට සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව එහි දැක්වෙන්නේ සිය දේශපාලන ආරම්භය ලබා ගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ…

උප්පැන්න සහතික නොමැති ළමුන්ට නොමිළේ උප්පැන්න සහතික ලබා දීමේ වැඩසටහනක්

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තුමේන්තුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙයි. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාග මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම්…

නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්

2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ  ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ අනුව…

වැඩිපුර ගාස්තු ගන්න බස්රථවලට නීතිය දැඩිව

බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථ වලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසූවාය. එලෙස නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳව දැනුම් දෙන ලෙස මගින්ගෙන් ඉල්ලා සිටින බව පැවසුවාය. එලෙස කටයුතු…

අද ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි වාර කිහිපයක් ඇති…

ලෝක අමද්‍යප දිනය අද

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී ඇත.අමද්‍යප දිනයට සමගාමීව ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව මඟින් සෑම වසරකම ඔක්තෝබර් මස 03 වැනිදා සිට 10 වැනිදා දක්වා කොඩි සතියක් සංවිධානය කරන අතර එම කොඩි සතිය මෙවර ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ…

ඩො. බිලියන 2.9ක සිව්වැනි වාරිකය ලබාදීමට IMF-රජය සාකච්ඡා අරඹයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා ආරම්භ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

ගිය මාසේ පමණක් සංචාරකයෝ එක්ලක්ෂ විසිදෙදාහක් ඇවිත්

පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් විදෙස් සංචාරකයන් 122,140ක් සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව මෙම අගය පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි 111,938ක සංචාරක සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 9.11ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙරට…