Category Local News

මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයට ඕස්ට්‍රේලියාවත්

මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රය සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම් ප්‍රයිවට් ලිමිටඩ්, සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන 28 වනදා සිට එම සමාගම විසින් මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සමාගමේ ඉන්ධන නෞකා…

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩිම අයඳුම්කරුවන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 76,977ක් වනවා. මහනුවර දිස්ත්‍රික්කයෙන් 55,797 දෙනෙකු සුදුසුකම්…

අද ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ජනාධිපති අපේක්ෂකයෙකු මිය යයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි මොහොමඩ් ඉල්ලෙයාස් මහතා මියගොස් තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට ඔහු 79 හැවිරිදි වියේ පසු වුණා.

මහ බැංකු අධිපතිට ලැබුණු ඉහළම ශ්‍රේණිගත කිරීම

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2024 වසර සඳහා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. ඒ ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මඟින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුවයි. ලබාගත් මෙම “A” ශ්‍රේණිය මඟින් උද්ධමන පාලනය, ආර්ථික…

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් යුතුව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (Women and Media Collective)…

නෝර්වේ කෘෂි තාක්ෂණික වැඩපිළිවෙළ මෙරටට

නෝර්වේ හි දැනට භාවිතා කරන කෘෂි තාක්ෂණික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ලබා දීමට නෝර්වේ හිටපු විශේෂ නියෝජිත Erick Solheim මහතා එකඟත්වය පළ කර තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති හමුවකදී ඒ මහතා මේ බව…

පළාත් පාලන මැතිවරණය තියන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කර තිබුණ ද එය ජනාධිපතිවරණයට බලපෑමක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බව සඳහන්. පළාත්…

මන්කිපොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ගුවන්තොටුපොළ මඟින් මෙරටට ඇතුළු විය හැකි මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ ශ්‍රී ලංකාවේ  මන්කිපොක්ස් රෝගියෙක්…

දුම්රිය ටිකට් පත් අද සිට ඔන්ලයින් ගන්නේ මෙහෙමයි

දුම්රිය ටිකට්පත් අද සිට ඔන්ලයින් ක්‍රමයට මිළ දී ගැනීමේ හැකියාව ඇති  බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. මේ සඳහා pravesha.lk වෙබ් අඩවියට පිවිස ඔබගේ ටීකට්පත ලබා ගැනීමේ හැකියාව පවතියි. මෙලෙස ලබා ගන්නා ටිකට් පතක් වලංගුවන්නේ එහි සඳහන් දිනය සඳහා පමණි.