Category Local News

මේ වසරේ පළමු මාස 09ට සාත්තු සේවකයින් 862ක් ඊශ්‍රායලයට

2024 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ කාන්තාවන් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද (04) ශ්‍රී ලංකා විදේශ සේවා…

ලාල්කාන්තගේ ප්‍රකාශයට සජබයෙන් පිළිතුරු

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට සමඟි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී සමඟි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ…

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමීණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙයි.

කොටස් වෙළඳපොළේ කොටස් මිල දර්ශක වල වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ, සියලු කොටස් මිල දර්ශකය ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වෙයි. අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ…

ඉන්දීය – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් හමුවෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ. ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය.

ජනපති සහ IMF අතර දෙවන දිනටත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී  ආරම්භ කෙරිණි. ජාත්‍යන්තර…

පොලිස් මහජන සහන මැදිරිය යළිත් ක්‍රියාත්මක වෙයි

අධිකරණ හා පොලිස්දේශීය පුවත් පොලිස් මහජන සහන මැදිරිය යළිත් ක්‍රියාත්මක වෙයි October 4, 2024 12:49 pm 0 comment පසුගිය කාලය තුළ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන මැදිරිය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබා දී ඇත ඒ අනුව…

ගොවිජන සේවා කාර්යාලයේ වහලයෙන් වැටී පුද්ගලයෙක් මරුට

පස්සර මැටිගහතැන්න ගොවිජන සේවා කාර්යාලයේ වහලය පිලිසකර කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරු ඉන් ඇදවැටිමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. එම අනතුරින් මියගොස් ඇත්තේ ඩි.දේවේන්ද්‍ර රාජ් නැමැති ලයිමි අංක 02, තවලම්පැලැස්ස,වෑබැද්ද,මඩොල්සිම යන ලිපිනයේ…

ලාෆ් ගෑස් මිළ ගැන නිවේදනයක්

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස්  මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරයි.