Category Local News

සියලුදෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු

2025,2026 වසර වන විට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් රටේ සියලු ජනතාව වෙනුවෙන් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මඩකලපුව කල්ලඩි ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ අද (24) පැවති මඩකලපුව දිස්ත්‍රික් “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු…

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු 26 එළිදකී

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු 26 වන සඳුදා උදෑසන 10 ට එළිදැක්වීමට නියමිත බව එම පක්ෂය නිවේදනය කරනවා. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන තේමාව ඔස්සේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිත බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊළඟ පාර්ලිමේන්තුව තුළ අපේ පක්ෂයේ පිළ් මාරුවීම් වලට ඉඩ නෑ – නාමල්

මීළඟ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පිළ් මාරුවීම් සඳහා අවස්ථාවක් නොමැති බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. සෑම මැතිවරණයකදීම පක්ෂවල අය මාරු වීම යථාර්ථය වී ඇති බවද, එය වැළැක්වීම සඳහා ත​ම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන බවද…

දුම්රිය ඇතුළු ප්‍රවාහනයට සම්බන්ධ ආයතන ලාභ උපයන ආයතන බවට පත් කිරීමට කමිටුවක්

පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක් වෙයි. පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානින් හා නියෝජිතයන් කොළඹ මල් පාරේ පිහිටි…

ගතවූ මාසයක කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

මේ මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන්…

හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන යිට ඒ මහතාගේ වයස අවුරුදු 76කි. රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වේ. ඒ මහතා ප්‍රථමයෙන්…

රනිල් වික්‍රමසිංහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා – හරිනි

දේශපාලන හේතු මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් පැහැරහැ​ර, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර ඇතැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන…

වරකාපොල ජන රැළියේදී සජිත්ට සහයට ආ පිරිස

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් පිරිසක් සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්ව තිබෙනවා ඒ ඊයේ (23) වරකාපොල පැවැති ජන රැලියේදී එම පිරිස විපක්ෂ නායකවරයාට සහය…

අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

අති පුරාණ ශ්‍රී පත්තිනි දේවාල මහා පෙරහර හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ 143 මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද (24) රාත්‍රීයේ සීමා කරන බව පොලිසිය පවසනවා ඊට අදාළ නිවේදනය පහතින්

බෙදෙනවා වෙනුවට එකතුවෙමු -සජිත්ගෙන් ඇරයුමක්

එකිනෙකා බෙදා වෙන් නොකොට එකමුතුව, සංහිඳියාව සහෝදරත්වය සහ මිත්‍රශීලීත්වය තුළ රටක් ලෙස සැමට ජයග්‍රහණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා. පසුගිය සමයේ ක්‍රියා කළ රජයන් ආගම, ජාතිය, භාෂාව සහ කුලය මූලික කරගනිමින් මේ රට ජන…